ජීවන්ත පියතුමා අධිකරණයට භාරවෙයි

“ගෝඨාගෝගම” විරෝධතාවයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය.

කොටුව පොලිසිය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඔහුට එරෙහිව පවරා ඇති නඩු දෙකකට අදාළව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට භාර විය.

පසුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදා හැරියේය. එනම් අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  අද  නියෝග කළේය.

Social Sharing
නවතම