ඉන්දීය ජනපති තේරීමේ ඡ්න්ද ගණන් කිරීම අද

ඉන්දියාවේ  15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම අද (21) පෙරවරු 11.00 ට ආරම්භ කෙරේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30 කදී පැවැත් විය.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ පක්ෂ නියෝජනය කරමින් ද්‍රෞපදී මුර්මු ජනාධිපතිවරණ සටනට එක්ව සිටී.

ඇයගේ ප්‍රතිවාදියා විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූ යෂ්වන්ත් සිංහා යි.

වත්මන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ධුර කාලය ජූලි 24 වැනිදායින් අවසන් වන අතර, අද තේරී පත්වන නව ජනාධිපතිවරයා ජූලි මස 25 වැනිදා ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

Social Sharing
නවතම විදෙස්