සජිත් අග්‍රාමාත්‍ය ධුරයට කැමතිවීම හොඳ ලකුණක්…!!

අද පොදුජන පෙරමුණ සහ ජවිපේ හැර ඉතුරු පක්ෂ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවවඩා හොඳ ආරම්භයක් ගැන ඉගිපළ කරනවා. මේ සාකච්ඡාව අස්සේ ආපු ප්‍රධාන එකඟතාවය තමයි සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධුරයේ දිවුරුන් දීමට එකඟවීම. වගේම ඔහු එහිදී ප්‍රකාශ කරලා තිබෙනවා තමන්ට ජනාධිපති ධුරය අවශ්‍ය නැහැ කියන දේ.

ඊළඟට හෙට (15) පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න කියලා කතානායකට කියන්න යෝජනාවක් ඇවිත් තිබෙනවා. අනුව හෙටඋදෑසන බොහෝවිට කතානායකගේ කැඳවීමෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙයි. ඒකෙදි සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරයටපත්වීම පිළිබඳව අවසන් එකඟතාවයක් ලබාගන්න පුලුවන් වෙයි කියන විශ්වාසය තිබෙනවා

කොහොමවුණත් එලබෙන ජූලි 20 යෝජිත විදිහට ජනාධිපතිවරයෙක් තෝරාගැනීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේපැවැත්වෙයි. අද පැවති සාකච්ඡාවේදී ආපු ඊළඟ වැදගත් එකඟතාවය තමයි සියල්ල එකඟවෙලා ජනාධිපතිවරයා තෝරාගැනීම. අනුව ගොඩක් වෙලාවට දැනට පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන පොදු ජන පෙරමුණට අවස්තාව ලැබෙයි. ඒකට විපක්ෂනායකයාගේ කැමැත්ත අද සාකච්ඡාව තුළ ලැබිලා තිබෙනවා. අනුව ගොඩක් වෙලාවට ඩලස් අලහප්පෙරුමට තමයි ජනාධිපතිධුරයට පත් වෙන්න ලොකුම වාසනාව තිබෙන්නේ

කොහොම වුණත් මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකතුවුණ එකඟතාවයකින් ජනාධිපති සහ අගමැතිපත් කිරීම තමයි විය යුත්තේ. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයම හැදෙන නව ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගෙන ජනතාවට යම් විශ්වාසයක් අරගෙන යන්න ඕනී. අපි මේ අර්බුදයෙන් එකතුවෙලා රට ගොඩනඟන්න සූදානම් කියලා. මේ යන සාකච්ඡා පිළිබඳව එන තොරතුරු අනුව ඒක වෙන්න තියෙන ඉඩකඩ විශාලයි

ප්‍රධාන විපක්ෂය විදිහට සජබ සහ විපක්ෂ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මේ වෙලාවේ නම්‍යශීලී වීම සෑහෙන්න වටිනවා. ජනතාවිශ්වාසය කියන සාධකය දිහා බැලුවාම ඔවුන්ට තමයි ජනාධිපති ධුරය ලැබෙන්න ඕනෑ. අනෙක් පැත්තෙන් අගමැති ධුරය ජාජාබටලැබිය යුතුයි. ඒත් අපිට මේ හැමදෙයක්ම කරන්න වෙන්නේ පවත්නා පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ඔලුගෙඩි ගාන අනුව ගණන්හදලා. එතනදි මොන චෝදනා තිබුණත් ඩලස් අලහප්පෙරුම වගේ කෙනෙක් ජනාධිපති වීම හොඳයි

කවුරු ජනාධිපති සහ අගමැති වුණත් රට ගිලිලා ඉන්න ආර්ථික අර්බුදය දිහා බැලුවාම අපිට යන්න තියෙන මාර්ගය තමයි IMF මාර්ගය. ඒකෙදී IMF විරෝධී මතයන් එක්ක සිටගන්න අය ආණ්ඩුවට එකතුකරගැනීමේදී සැලකිල්ලක් දක්වන්න වෙනවා. එක්කෝඔවුන් තමන්ගේ විරෝධය මේ කෙටි කාලයේ හෝ හකුලා ගන්න අවශ්‍යයි. වාසුදේව නානායක්කාර විමල් වීරවංශ වගේ අයට වුණත්මේ වෙලාවේ IMF මතවාදය එක්ක එකට සිටගන්න වෙනවා. නැත්තං අපිට මාසෙන් මාසෙට ජනාධිපතිවරු හදන්න වෙයි..! 

අනෙක් පැත්තෙන් මෙහෙම නව ආණ්ඩුව නිර්මානය කිරීමත් එක්ක, ජනතාවට ඇත්ත කියලා මේ අර්බුදයෙන් රට ගොඩගන්නේකොහොමද කියන එක ගැන මාර්ග සිතියමක් මේ අලුත් ආණ්ඩුවට ජනතාවට ඉදිරිපත් කරන්න වේවී. ඒකෙදී රටේ වැදගත්මඅමාත්‍යාංශ වලට හොඳම මිනිස්සු පත් කරන්නේ කොහොමද කියන එක ගැන විශේෂයෙන් හිතන්න අවශ්‍යයි

සජබ තරුණ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් මේ හැදෙන නව ආණ්ඩුවේ ඇමතිකම් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක හොඳතත්ත්වයක්. ඒක ප්‍රයෝජනයට අරගෙන හොඳම පිරිසක් අමාත්‍යාංශය සඳහා පත් කරන්න ඕනී. මට හිතෙන්නේ මේ වෙලාවේ මේආර්ථික අර්බුදයට තිරසරව මුහුණ දෙන්න අවශ්‍ය දැනුම ගැන හිතනකොට සජබ, ජාජාබ, TNA මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලැබියයුතුයි. සඳහා පොදුජන පෙරමුණ, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග එකඟතා සාදා ගැනීම ඉතාමත් වැදගත්..

මේ රට ගොඩගන්න තියෙන අවසන් අවස්ථාව තමයි මේක. මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකපෙරමුණකට එකතුවෙලා පූර්ණ එකඟතාවයක් අස්සේ වැඩ කළොත් මාස හයක් යනකොට රටතුළ යම් සංසිදීමක් නිර්මානයකරගන්න අමාරු වෙන එකක් නෑ. ඊටපස්සේ ඡන්දයකට ගිහිං තම තමන්ගේ දේශපාලන සිතියම් දිගඇරගත්තට අපිට කමක්නෑ..!

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග