ගෝඨා සිංගප්පූරුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට පැමිණ ඇති බව එහි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂටපෞද්ගලිකසංචාරයක් සඳහා අවසර දී ඇති බවය.

ඔහු රැකවරණ ඉල්ලා නොමැති බවත්, සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය කියයි.

සිංගප්පූරුව සාමාන්‍යයෙන් දේශපාලන රැකවරණ ලබාදීමක් සිදු කරන්නේ නැහැඅමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කෙරුණු මහජන උද්ඝෝෂණ උත්සන්න වද්දී, ඔහු ඊයේ මාලදිවයිනට පලාගියේ ඉල්ලා අස්වන බවට වන පොරොන්දුව කඩ කරමිනි.

තවමත් ඉල්ලා අස්වීම බාර නොදී සිටින ගෝඨාභය රාජපක්ෂ අද මාලදිවයිනෙන් සවුදි ගුවන් යානයක සිංගප්පුරුවට පලා ගොස්තිබේ.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර දීම ප්‍රමාද කිරීම නිසා පාර්ලිමේන්තු කටයුතු අඩාල වීමෙන් රට පවතින ආර්ථික අර්බුදයමදිවාට දේශපාලන අර්බුදයකට ගොදුරු වී තිබේ.

Social Sharing
නවතම