ලිපිය තාම නෑ – කතානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් භාරදී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (14) ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරයි.
කතානායක මීට පෙර අවස්ථා ගනනාවකදී ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 13වෙනිදා සිය ඉල්ලා අස්වීම භාරදීමට නියමිත බවයි.
ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඇති වූ මහජන නැගිටීමත් සමග ජනාධිපතිවරයා මාලදිවයිනට පලා ගිය අතර ඔහු දේශපාලන රැකවරණ බලාපොරොත්තු වෙන් ඊයේ (13) සිංගප්පූරුව බලා යනවා කීවත් ඔහු ඊයේ සිංගප්පූරුව වෙත ගොස් නොමැතිබව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
සිංගප්පූරුව වෙත ගිය පසුව ඉල්ලා අස්වීම භාර දෙන බව ප්‍රකාශ වුණත් ආරක්ෂක හේතූන් මත සිංගප්පූරුව වෙත යාමට නොහැකිවීම මත ඉල්ලා අස්වීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වෙයි.
එම මාධ්‍ය වාර්තාවන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව වෙත පියාසර කිරීම සඳහා පුද්ගලික ජෙට් යානයකන් පැමිණෙන තුරු තවමත් මාලදිවයින් තුළ රැඳී සිටින බවයි.
Social Sharing
නවතම