මාධ්‍යවේදින්ට පහර දුන් SSP රොමේශ් ගේ වැඩ තහනම්

අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞදිගලික නිවස අසළ පසුගිය 09 වැනිදා සිඳුවූ අර්බුදකාරී තත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර ඇත.

මාධ්‍යවේදීන්ට පහර දීම වැලැක්වීමට කටයුතු නොකිරීම, ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Social Sharing
නවතම