දුමින්ද ආයෙත් වැලිකඩට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරුවී මරණ දඬුවම නියමව පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සමාව ලැබූදුමින්ද සිල්වා නැවත වැලිකඩය යවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර ඇත.

දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දීමේ තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයඅද අතුරු නියෝගයක් නිකුත් කළ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙම පොදු සමාව ලබාදීමට විරුද්ධව ගොනුකළ මූලිකඅයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම අත්හිටුවීමේ නියෝගය ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ, මෙම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නාලෙස සහ ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසය.

මීට ටික දිනකට ප්‍රථම දුමින්ද සිල්වා රට හැර ගිය බව වාර්තා වූ අතර මේ වනවිට ඔහු ලංකාව තුළ සිටින්නේ යන්න තහවුරු කරගත නොහැක.

Social Sharing
නවතම