ගංගා වල ජල මට්ටම ඉහලට

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා වල ජල මට්ටම ඉහළ අගයකට ගොස් ඇති බවත් එමනිසා ගං වතුර අවධානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කළු, නිල්වලා, ගිං ගංඟා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගං වතුර අවදානමක් ඉදිරි පැය 48 ඇතුලත අපේක්ෂා කළ හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එසේම දැදුරු ඔය, මහ ඔය සහ බෙන්තර යන ගංගා ආශ්‍රිත පහත් බිමි වල සිටින ජනතාවටද අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයේ දැක්වේ.

Social Sharing
නවතම