“වෑකඳවල රාහුල හිමි නිදහස් කරනු” ජනතාව වීදී බසී

පසුගිය 27 වන දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින වෑකඳවල හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (31) දින වලස්මුල්ල මහේස්ත්‍රත් අධිකරණය ඉඳිරිපිට ගම්වාසීන්, පරිසරවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇත.

මැයි 09 දා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ නිවසට ගිනි තැබීම ඇතුලු චෝදනා 7ක් මූලික කොටගෙන පරිසරවේදී රාහුල හිමියන්ව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මේ වනවිට මෙවැනි චෝදනා එල්ලකරමින් සහ ව්‍යාජ හේතුන් දක්වමින් සමාජ ක්‍රියාකාරිකයන් රැසක් අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් විශාල පිරිසක් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මෙම අත්අඩංගුවට ගැනීම් ගැන සිය අදහස් දක්වන විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ මැයි 09 ප්‍රතිප්‍රචන්ඩත්වය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන පොලීසිය මැයි 09 දා ප්‍රචණ්ඩත්වය ආරම්භ කළ ජෝන්ස්ටන් ප්‍රනාන්දු වැනි අය සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි අය පිළිබඳව නොසලකා කටයුතු කරන බවය.

 

Social Sharing
නවතම