ජාතික ආරක්ෂාවට ආ ආණ්ඩුව, සනීපාරක්ෂාවට කෙලවයි

වර්තමාන ආණ්ඩුව පෙරට ආවේ ජාතික ආරක්ෂාව මූලික තේමාපාඨය කරගෙන. කන්න නැතත් ඉන්න රටක් කියන slogan එකයිඅති ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මයි එක්ක මිනිස්සු හිතුවා ලංකාව සිංගප්පූරුව පරාද කරයි කියලා. අන්තිමේදීමිනිස්සුන්ට පාන් කෑල්ලක් කන්නත් පෙරුම් පුරන්න උනා.

මේ වෙද්දී අපිට ඕන අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිම දෙයක් අතේ තියන ගානට ගන්න හැකියාවක් නෑ. අඩුම තරමෙ කාන්තාවකටතමන්ගේ සනීපාරක්ෂක පහසුකම් සපයාගන්න තියන පෑඩ් පැකට් එක නැත්තන් සනීපාරක්ෂක තුවා ගන්නත් දැන් රුපියල් 500ක්යනවා. තව ටික දවසකින් මේවා රුපියල් 600ක් වෙනවා කියලා තමයි ආරංචිය.

දේශපාලය කොහොම උනත් කාලේ සජිත් ප්‍රේමදාස පෑඩ් නොමිලේ දෙනවා කියලා කියද්දි මිනිස්සු හිනා උනා පෑඩ් මෑන් කියලා. උනාට  දියුණු රටවල් හැම එකකම පාහේ මේවා නොමිලේ තමයි දෙන්නේ. කැනඩාව වගේ රටවල විශ්වවිද්‍යාල ඇතුලෙකොරිඩෝ වල තිබෙන රාක්ක තුල මේ පෑඩ්ස්  තරුණියන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පහසුකම් සලසලා දීලා තිබෙනවා. නමුත්ලංකාවේ කාන්තාවන් මේවා සල්ලි වලට ගන්නෙත් වටපිට බලලා කුඩු පැකට් එකක් ගන්න බය වෙනවා වගේ.

කොහොම උනත් මේ යන තත්ත්වෙ එක්ක පෑඩ් පැකට් එක රුපියල් 1000 වෙයි එතකොට අවුරුද්දකට 12000 ක් ඕනි තමන්ගෙසනීපාරක්ෂාව වෙනුවෙන් වියදමට. ඒකත් එකකින් පිරිමහගන්න බැරි තරුණියන්ට ගාන ඩබල් වෙනවා. වගේම කුලී වැඩ කරලාතමන්ගෙ ජීවිකාව ගෙනියන අම්මෙක්ට තාත්තෙක්ට දුවලා දෙතුන් දෙනෙක් හිටියොත් මොකද වෙන්නෙ? අනිවාර්යයෙන් පවුලෙදුවලට ගල් යුගයෙ ක්‍රම වලට යන්න වෙනවා. මොකද මිනිස්සුන්ට රුපියල් 500ක් 1000ක් කියන්නෙ මහ මෙරක්. එතකොට අරදරුවන්ගේ සනීපාරක්ෂාව බල්ලට යනවා. ගල් යුගයෙ ක්‍රම කියන්නෙ පිරිසිදු රෙදි කැබැල්ලක් භාවිත කරන එකනෙ ඒත් මේ වෙද්දීවෛද්‍යවරු හොයාගෙන තියනවා ක්‍රමය ඉතාම අනාරක්ෂිතයි කියලා.

උද්ධමනය එක්ක පෑඩ් එකේ ගාන කොහෙන් නවතී දන්නෙ නෑ, කොහොම උනත් කාන්තාවන් සනීපාරක්ෂාව පැත්තක තියලාලාභදායි වෙන අනාරක්ෂිත ක්‍රමයක් බලනවා. මේ සදහා විකල්ප ක්‍රම තිබ්බත් ලංකාව වගේ සාම්ප්‍රදායික රටක ක්‍රම භාවිතාකරන්න හුඟක් තරුණියන් මැලි වෙනවා.

නිසා තියෙන හොඳම දේ තමයි ප්‍රමිතියෙන් යුතු දේශීය නිෂ්පාදනය වැඩි කරලා ඒවා නොමිලේ ලබා දෙන්න කටයුතු කරන එකහෝ මේ සඳහා නිසි ක්‍රමවේදයක් හදන එක.

මේ අර්බුදය ඇතුලෙ දේශපාලන වේදිකාවල අඩුම තරමෙ කාන්තා මන්ත්‍රිනියන් පවා රට හදන්න යෝජනා ගෙනාවත් තවමත්කවුරුත් පෑඩ් වල ගණන් වැඩි වීම ගැනවත් ඒවා නොමිලේ  දෙන එක ගැනවත් කටක් ඇරියෙ නෑ. “පෑඩ් නොමිලේ දියව්කියලාපාරෙ කෑ ගැවොත් විතරද ලංකාවේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙ???

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විශේෂාංග