මහින්ද – දේශබන්දු පාස්පෝට් දීලා නෑ

මැයි 09 දා සිදුවීමට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කළත්, මෙම පුද්ගලයින් තවමත් සිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදී නැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ මෙම නඩුව පසුගිය 25 දා කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙම කරුණු අනාවරණය කළා ය.

ඇයගේ කරුණු දැක්වීම අනුව මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු කිහිප දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර මෙතෙක් අධිකරණයට භාර දී නැත.

මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ විදේශ ගමන් බලපත්‍රය නිවෙස ගිනි ගනිද්දී විනාශ වී ඇති බවද ඇය එහිදී කරුණු අනාවරණය කර ඇත.

Social Sharing
නවතම