මේ අපි කියපු 21 නෙවෙයි, සජිත්/ නීතිඥ සංගමය විරෝධය දක්වයි

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අද (23) දින ඉදිරිපත් කර තිබෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතාව බලාපොරොත්තු වූජනාධිපතිවරයාගේ තටු කපන සංශෝධනයක් නොවෙන බව, මෙම සංශෝධනය ගැන සිය විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

මෙහිදී නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරිපත් කර තිබෙන 21 වන සංශෝධනයෙන් 

ජනාධිපතිගේ බලතල කප්පාදු වී නැති බවය.

අමාත්‍ය ධූර දැරීමටත්, විෂයන් තමන්ට පවරා ගැනීමටත්, ලේකම්වරු පත් කිරීමටත් ජනාධිපතිවරයාට ඇති බලය 21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ එලෙසම පවතින බව ප්‍රකාශ කරන නීතීඥ සංගමය, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සහ අධිකරණයෙන් වරදකරුවකු කරන ලද  ඕනෑම අයෙකුට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමේ බලයද නවසංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත තවදුරටත් ලබා දී ඇතැයි ප්‍රකාශ කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම අදහස අනුමත කරමින් සිය ෆේස්බුක් ගිණුම හරහා ජනතාව වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මෙය ජනතාව මුලාවේ හෙළීමක් බවයි.

Social Sharing
නවතම පුවත්