සුභාෂිණි චතුරිකා
2019 වසරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල ව්‍යුහය අහෝසි කරන ලෙසඑකම හඬින් බල කරමිනි.
ඔවුහු ඒ වන විට දැඩි ආර්ථික දුෂ්කරතාවලින් හෙම්බත් වී සිටියහ. බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වී තිබුණි, තවත් පිරිසකට නිවසේ කුලිය ගෙවා ගත නොහැකි නිසා උන් හිටි තැන් අහිමිවද, තවත් සමහරෙක්ට එදා වේල පවා සරි කර ගැනීමට නොහැකිතත්වයක් ද උදා වී තිබුනි.
එහෙත් ඔක්තෝබර් දාහත්වැනිදා ආණ්ඩුවට එරෙහි කෝපය එකවරම පුපුරායාමට ආසන්නතම හේතුව වූයේ, ලොව පුරාඅන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබා ගත හැකි ‘වට්ස්ඇප්’ ඇමතුම් සඳහා ලෙබනනය තුළ විශේෂ බද්දක් අය කිරීමට එවකටකැබිනට් මණ්ඩලය තීරණය කිරීම සමඟය.
දීර්ඝ කාලයක් පීඩනය දරාගෙන සිට, එවැනි පසුබිමක් තුළ වීදි බැස්ස ජනතාව එතෙක් විඳි අසාධාරණකම් වලට එරෙහිව, අධ්‍යාපනය ලැබීමට, සෞඛ්‍ය සේවාවන් ලැබීමට, වැඩ කිරීමට අයිතිය, අතුරුදහන් වූවන්ගේ පවුල් වලට සත්‍ය තොරතුරුදැනගැනීමට සහ නීතියේ පිළිසරණ පැතීමේ අයිතිය ඇතුළු මානව අයිතීන් ගණනාවක් ඇතුළත් සාධාරණ සමාජයක් ඉල්ලාසිටින්නට වුහ.
කෙටියෙන් පවසතොත් සිවිල්, ආර්ථික, දේශපාලනික, සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුලික දේශපාලනික හා සමාජව්‍යුහාත්මක වෙනස්කමක් ඔවුහු ඉල්ලා සිටියෝය.
2019 වසරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනය පුරා ඇරඹුනු උද්ඝෝෂණ රැල්ලත් සමඟ දුෂිත ආණ්ඩුව නිසා පීඩාවට පත්ජනතාව බීරූට් නගර මධ්‍යයේ අරගල කඳවුරක් නිර්මාණය කළ අතර ඔවුන් එහි පුරා මාස පහක් අඛණ්ඩව රැඳී සිටියේ, රට පුරාඇලලී ගිය අරගල මානසිකත්වයකට උත්තේජනය සපයමිනි.
2020 වසරේ, මාර්තු මස වන විට, එම කඳවුරු භූමිය අතහැර ජනතාවට විසිර යාමට සිදු වූයේ කොරෝනා වසංගතය රට තුළහිස එසවීමත් ආණ්ඩුව විසින් නිරෝධායන නීති දැඩි කිරීමත් නිසාය.
බීරූට් නගරයේ ගොඩනැඟුණු අරගල කඳවුරේත් රට පුරාත්, සාමාන්‍ය ජනතාව සමඟ අරගල භූමියට පැමිණි කලාකරුවන්ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කලේත්, අරගලයට සහය දුන්නේත් තමන්ට හුරු පුරුදු කලා මාධ්‍යයන්ම භාවිතයට ගනිමිනි.
එම නිසා සිත්තරුවන්, බිතු සිතුවම් නිර්මාණකරුවන්, ගායකයන්, නාට්‍යකරුවන් අරගල භූමියේ පමණක් නොව සමාජ මාධ්‍යතුළින්ද පොදු අරගලකරුවාට මහත් ශක්තියක් සපයමින් රට පුරාම එකම අරගල මානසිකත්වයක් පවත්වා ගැනීමට සහය දුන්හ.
මෙහි පහතින් දැක්වෙන්නේ “ලෙබනන අරගලය තුළ කලාව දේශපාලනික ආයුධයක් වූයේ කෙසේදැයි” යන සිරස්තලයෙන් යුතුවThe newarab නම් වෙබ් අඩවියේ, 2019 ඔක්‍තෝබර් දාහත්වැනිදා ආරම්භ වුණු ලෙබනන ජන අරගලයට අවුරුද්දක් පිරෙන දා එනම් 2020 ඔක්තෝබර් මස දාසය වැනිදා පළවුනු ලිපියක සංක්ෂිපත පරිවර්තනයකි.
ඔක්තෝබරයේ එක් දිනෙක, වැහි අන්ධකාරය විසින් ලෙබනනයේ අගනගරය වෙලා ගන්නා විට, තමාරා නසර්, එදා බීරූට් නගරමධ්‍යයේ පැවති විරෝධතාවට මුළු දවස පුරාම තම සහභාගීත්වය ලබා දී, සවස්කල සිය නිවෙසට යමින් සිටියාය.
රේද්– එල්– සොල් චතුරස්‍රයේ පඩිපේලි නඟිමින් ඇය යන විට, එකවරම කිසියම් සිතුවිල්ලක් ඇය ගේ හිස මත කඩා පාත් වූයේය. “ අපි කොහේ යන්නෙමුද?” එදින පාරවල් වල අතුරු සිදුරු නැතිව එක් රැස් වූ සහ තමන්ගේ රටේ අනාගතය කොයිබට ගමන්කරනුඇද්දැයි සිතූ බොහෝ ලෙබනන ජාතිකයන්ගේ සිත් තුළ වද දුන් ප්‍රශ්නය ඇය වදන් වලට පෙරළුවාය.
2019 වසරේ ඔක්තෝබර් මස, ලෙබනන් ජාතිකයෝ සිය නිවසේ වලින් එළියට බැස වීථි පුරා උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ. දිගු කාලයක් පුරා විඳවමින් සිටි රැකියා විරහිතභාවය, දුගීභාවය සහ අදූරදර්ශි කළමණාකරණයත්, දූෂණයත් නිසා කඩාවැටෙමින් තිබූ ආර්ථිකය තත්වයත් නිසා ඔවුහු දහස් ගණනින් බීරුට් සහ වෙනත් නගරවල එක් රැස් වූහ.
උද්ඝෝෂකයෝ ආරක්ෂක අංශ හා ගැටුනු අතර පාලක පංතිය ඔවුන්ගේ කෝපය සමනය කිරීමට උත්සාහ කලේ නිෂ්ඵල ප්‍රකාශනිකුත් කරමින් සහ ප්‍රචණ්ඩත්වය යොදාගනිමිනි. එම නිසා පතාක බැනර සේම, තාප්ප සහ ගොඩනැගිලි අරා නැඟි වීදි සිතුවම්එකවරම මතුවන්නට වූ අතර සමාජ මාධ්‍යය හරහා ඡායාරූප සහ චිත්‍ර විශාල වශයෙන් බෙදා හැරෙමින් ලෙබනන ජාතිකකලාකරුවන්, විරෝධතාවේ හඩ තීව්ර කිරීම සඳහා ඔවුන්ගේ කලා කෞශල්‍යය උපරිමයෙන් වශයෙන් භාවිතා කරන්නට වූහ.
තමාරා යනු එසේ තම කලා කුසලතාව විරෝධතාවය වෙනුවෙන් යොදාගත් ලෙබනන් කලාකාරියකි. ඔක්තෝබර් අරගලයේ පළමුවර්ෂ සැමරුමේ දී ඒ දෙස නැවත හැරී බලන ඇය, ඒ දිනවල වීථිවල පිරීගිය හැඟීම්, ආවේගයන් සහ සිතුම් පැතුම් ග්‍රහණය කොටගැනීමට ඇය කැන්වසය අතට ගත් සැටි මෙසේ සිහිපත් කරන්නීය.
“ඔක්තෝබර් දාහත්වැනිදා විරෝධතාවය පටන් ගැන්මේ සිටම, කලාව සමාජ නැඟීටීම් සඳහා මෙවලක් වූ බව පැහැදිලිවපෙනෙන්නට තිබෙනවා. ඔවුන් මෙතෙක් කල් පැවසීමට බියෙන් සිටි ඔවුන්ගේ සමහර අදහස්, මහ හඬින් කෑ ගසා පවසන්න තරම්ඔවුන් දැන් නිර්භිත වෙලා තියෙනවා, කලාවේ සෑම ස්වරූපයක්ම, වචන වලින් හෝ සටන් පාඨ වලින් ප්‍රකාශ කරන්න නොහැකිකෝපයත්, අභිමානයත් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයන් බවට පත් වෙලා.”
“මෙතෙක් කල් බිය නිසා නිහඬව පාලකයාගේ නොහැකියාව ඉවසා සිටීම ප්‍රතික්ෂේප කරමින්, අරගලය සියළු සීමා මායිම් සහප්‍රාකාර බිඳ දමමින් තිබුණා. අරගලය තුළ ඔවුන් නොසැලී සිටින බව දැනවීමටත්, විරෝධතාකරුවන්ගේ ශක්තිය පිළිබිඹු කිරීමටත්කලාකරුවන් නොබියව ඔවුන්ගේ කලාව යොදා ගනිමින් තිබුනා.” ඇය පවසන්නීය.
අපි කොහේ යන්නෙමුද?
ඔක්තෝබර් අරගලය නිසා විථි බැස තිබුනු මිලියන 2.5 ක් පමණ වූ, එනම් ලෙබනනයේ මුළු ජනගහණයෙන් අඩක් පමණ වූජනතාවක් නිසා රටේ සියළු ක්‍රියාවන් හදිසියේ ඇණ හිට තිබුණි.
“හැම පාරක්ම අවහිර වෙලා, ආයතනවල වැඩ නැවතිලා, බැංකු වසා දමලා. මම බය වෙලා උන්නෙ, මේක කොහෙන් නවතීදකියන කාරණය ගැන” තමාරා සිහිපත් කරන්නීය.
“විප්ලවීය සමයක නිර්මාණකරණයේ යෙදෙන කලාකාරියක් ලෙස නිතරම විරෝධතාවල බලසම්බන්නබව, එහි ජිවමයබව සහඅනාගතය පිළිබඳ තිබුණු අපේක්ෂාවන් උපරිමයෙන් ප්‍රකාශ කිරීම පිළිබඳ කිසියම් පීඩනයක මම උන්නෙ. එවැනි අදහස් තමයිමාධ්‍ය තුළ පුපුරා ගිහින් ජනතාවගේ ජීව ගුණය ආරක්ෂා කළේ. ඒත් මෙහි ආරම්භයේදී නම් මට ශක්තිමත් බවක්වත්, බලසම්පන්නබවක්වත් දැනුනේ නෑ.”
‘අපි කොයේ යන්නෙමුද’ ලෙස නම් කොට තිබුණු ඇයගේ සිතුවම තුළින් ඒ වැසිබර ඔක්තෝබර්යේ, ඒ දවසේ ඇයගේ රට කොයිදෙසට ගමන් කරමින් සිටින්නේ ද යන අවිනිශ්චිතතාව මනාව පිළිඹිබු වූයේය.
“එළැඹීමට නියමිත වූ දේවලට සම්මුඛ වෙමින් මට අවශ්‍ය වුනා අප මුහුණ දෙමින් සිටි අවදානම්කාරී ස්වභාවයත්, මා තුළතිබුණු අවිනිශ්චිතතාවත් අනෙක් අය සමඟ බෙදා ගන්න. ඒත් ඒවගේම මට අවශ්‍ය වුනා උද්ඝෝෂකයන් ඔවුන්ගේ හඬ ඇසෙනු වස්නගර චතුරස්‍රවල ඔවුන් කෑ මොර දෙද්දී, ඒ මේ අරගලයේ ආරම්භක මොහොත නිසා ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබඳ නැවත සිතාබලන්න, ඒවගේම ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න පිළිබඳව තව තවත් සිතන්න ඔවුන්ව දිරිමත් කරවන්න”
විරල එකමුතු බව
ලෙබනනය වෙලාගෙන තිබුනේ කල්ලිවාදී බෙදීම් වලිනි. එක් එක් කණ්ඩායම් ලෙලවූයේ ඔවුන්ගේම කොඩියකි. එහෙත් ලෙබනනයේ කොඩිය අතැති තරුණ ජනතාව යනු විරල දසුනකි. චිත්‍ර ශිල්පිනියක වන ඇලෙක්සැන්ද්‍රා හෙලවු එම පුදුම එළවනසුළුදර්ශනය සුබ අනාගතයක පෙරනිමිත්තක් ලෙස දුටුවාය.
“ලෙබනනයේ විවිධ සමාජ පසුබිම්, විවිධ ආගම් නියෝජනය කරන සෑම පරම්පරාවකටම අයිති ලෙබනන් ජාතිකයන් අරගලය තුළදැකීම විසින් ඔප්පු කරනු ලැබුවා, ඔවුන් තවදුරටත් කල්ලිවාදී ලෙස සිතීම අත්හැර ඇති බව.”
ඇලෙක්සැන්ද්‍රා තවදුරටත් මෙසේ පවසනවා.
“කල්ලිවාදය තමයි රට මේ තත්වයට පත් කළේ, බලලෝභී දේශපාලකයන් විසින් ගොඩනඟන ලද එම කෘතීම ප්‍රාකාරය බිඳදමමින් සියළුදෙනාම එකම අරමුණකට වැඩ කිරීමෙන් ලෙබනනය නැවත ගොඩනඟන්න පුළුවනි”
ඇලෙක්සැන්ද්‍රා විසින් රටේ අලුතින් ඇතිවුණු එක්සත්භාවය කියා පෑමට ඈ ‘Uni(ca)ted’ නම් සිතුවම්ක් නිර්මාණය කළාය. එයඈ නිර්මාණය කලේ ලෙබනනය තුළ මිලදී ගැනීමට ඇති Unica නම් සුප්‍රසිද්ධ චොක්ලට් නිශ්පාදනයක වෙළඳ නාමය ඇසුරිනි. එමනිර්මාණය තුළින් ඇය 2019 විප්ලවයේදී, දූෂිත පාලක පංතියට එරෙහිව පැන නැඟි එක්සත්භාවය, සහයෝගීතාව සහඑකමුතුකම සංකේතවත් කළාය.
“සැබවින්ම ජනතාවගේ සිතුවිලි සහ හැඟීම්, වීදියේ සහ සමාජ මාධ්‍යයන් තුළ පහසුවෙන් බෙදා ගැනීමේ සහ පහසුවෙන්අවබෝධකරගැනීමේ අරමුණින් නිරූපණය කිරීමේදී, කලාවේ සියළුම ස්වරූපයන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කලා” ඇයපවසන්නීය.
“පෙරදී ලංවීමටවත් සිතිය නොහැකි පාලක පිරිසක් සමච්චලයට ලක් කිරිම මඟින්, පීඩනයට පත් වුණු ජනතාවකගේ හැඟුම්, සිතුවිලි නිදහසේ ප්‍රකාශයට පත් වූණා, ඔවුන් එම පාලකයන්ට නොබියව ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි බල කළා, එය සැබවින්ම සුලුපිරිසක් විසින් පාලනය කරන ලබන දූෂිත ලෙබනන පාලනයට එරෙහිව සිදුවුනු ප්‍රබල විරෝධයක්”
පින්සල් තුඩේ විප්ලවය
ඔක්තෝබර් නැඟිටීම තවත් පසෙකින් මහජන අවකාශ තුළ සහ විරෝධතාවන් පැවති නගර චතුරස්‍රවල බිතුසිතුවම් බහුල ලෙසපැන නැඟීමට හේතුවක් විය. අවසන් ජයග්‍රහණය දක්වා විරෝධතාව පවත්වාගැනීමට අධිෂ්ඨාන ශක්තිය සපයමින්, ලෙබනනජාතික රොවුලා අබ්දෝ නම් සිත්තරිය විසින් අඳින ලද බිතු සිතුවම් එම අරගල සමයේ ඉතා ජනප්‍රියත්වයට පත් වූයේය.
ඇය විසින් අඳින ලද “අපි පසු කරන්නෙමු” ලෙස නම් කරන ලද චිත්‍රයේ දැක්වෙන්නේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට ඇතුළුවීම වැළැක්වීම සඳහා එය වටා පාලන අධිකාරිය විසින් තනන ලද කොන්ක්‍රීට් ප්‍රාකාර අත්දෙකකින් වැර යොදා මෑත් කරනඅයුරකි.
“බීරුට් නගර මධ්‍යයට සහ නෙජ්මේ චතුරස්‍රයට යන ප්‍රවේශන් සියල්ල අවුරා නව ප්‍රාකාර තැනීමෙන් දින කිහිපයකට පසු, ජනවාරිමාසයේ දි තමයි මා මෙය ඇන්දේ.” රොවුලා පවසන්නීය.
“මට මෙම සිතුවම මඟින් පෙන්වන්න ඕනෑකම තිබුනේ, අපිව නවත්වන්න ඔවුන් කොයිතරම් උස ප්‍රාකාර බැන්දත් යහපත්අභිලාෂයන් සතර ඇති පැතිරී ගොස් අපි එය පසු කරනවා කියන එකයි”
එම කලාපයේ බොහෝමයක් රටවල් මෙන් කොරෝනා වසංගතය ලෙබනනයටද ඉතා තදින් බලපෑවේය. ඒ වනවිටත් දුර්වලතත්වයේ පැවතුණ සෞඛ්‍ය සේවා, බලාපොරොත්තු නොවූ පීඩනකාරී තත්වය නිසා තවත් ඇද වැටුණ අතර එය ආර්ථික අර්බූදය උග්‍ර කිරීමට ද හේතු වූයේය.
රජය විසින් පනවන ලද සංචරන සීමා නිසා, අරගලකරුවන්ට සීසීකඩ විසිර යන්නට සිදු වූ අතර, සමහර පිරිස්වලට නිවසේ රැඳීසිටිමේ විශේෂ නියෝගද ලැබිණි. එහෙයින් ප්‍රජා වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව නිසා අරගලකරුවන් එම නීති වලට අවනතවීමදක්නට ලැබුණි.
කොරෝනා වසංගතයෙන් තරමක් දුරට හිස එසවූ පසු අරගලකරුවන් මුහුණ දුන් පළමු ගැටළුව වූයේ අරගලයේ ජිවය නොනැසීපවත්වා ගැනීමය.
රොවුලා පවසන පරිදි එම දුෂ්කර අවස්ථාවේදී අරගල ව්‍යාපාරයේ ජවය අඩු නොකර ගෙන පවත්වා ගැනීමේ කර්තව්‍යයේදීකලාකරුවා සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ බවයි.
“මම අරගලය ආරම්භ වූ මොහොතේ සිට බිතු සිතුවම් ඇන්දා, ජනතාව තුළ අරගලය සඳහා උත්තේජනයක් ඇති කිරීමෙන්, අපේක්ෂාවන් ඇති කිරීමෙන්, පළමු වතාවේ ඔවුන් ඇයි පාරට බැස්සෙ කියන එක සිහිපත් කර දීමෙන් මම හිතනවා මෙවැනිඅරගලයකදී විසම්මුති කලාව සුවිශේෂී මෙහෙයක් ඉටු කරනවා කියලා”
ලෙබනනයේ විශේෂයෙන් ආණ්ඩුව තුළ දැකිය හැකි කල්ලි වාදී ක්‍රමය ඉතා දිගු කාලයක සිට රටේ පුරවැසියන්ගේ චෝදනාවට ලක්වු කාරණයකි, එසේම දේශපාලන පක්ෂ වල ඇති ආගමික නැඹුරුව ආණ්ඩුව තුළ සිදුවන දුෂණ යට ගසන මුවාවක් ලෙසද ක්‍රියාකලේය. එසේම රට තුල ක්‍රියාත්මක වෙන ආගමික කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සෞදි අරාබිය ඇමරිකාව ඉරානය වැනි ලෝකබලවතුන් සමඟ විවිධ ආකාරයෙන් සමීප සබඳාවන් ගොඩ නඟා නැඟීම නිසා විදේශීය බලපෑම්වල අතපෙවීමක්ද රට තුළ දැකියහැකි විය.
අරගලය ආරම්භයේ සිටම අරගලකරුවන් වෙත නඟන ලද චෝදනාවක් වූයේ ඔවුන්ගේ අරගල ව්‍යාපාරය කුමක් හෝ කණ්ඩායමක්මඟින් මෙහෙයවන ලද බවයි. එසේම ඒ අතරිනුත් ඔවුන් වෙත එල්ල වෙන පොදු චෝදනාවක් නම් ඔවුන් කිසියම් විදේශීයහස්තයක් මඟින් පාලනය කරනු ලබන බවයි.
“දේශපාලන ක්‍රියාදාමයකදී සැබෑ සංවාදයක් ඉතාමත් අත්‍යවශයයි.” රොවුලා පවසන්නේ, සංවාද නිර්මාණය කිරීමට කලාව මඟින්වැදගත් මෙහෙවරක් ඉටු කල හැකි බවයි.
“මම බිත්ති මත සිතුවම් කරන්නේ මගේ දේශපාලන ආස්ථානය පමණක් නොවෙයි, ඉන් සැබවින්ම විථිවල උද්ඝෝෂණයේ යෙදෙනජනතාවගේ සිතුම් පැතුම් ද පිළිඹිබු වෙනවා” ඇය පවසයි. “එසේම දෘශ්‍ය ප්‍රකාශනය, කතාව සහ වචන වලට වඩා වැඩියෙන්බලපෑම් සහගත බව මම විශ්වාස කරන නිසා මෙම කලා නිර්මාණ සමාජය තුළ සංවාද ගොඩනඟන්නටත්, අපි සිටින තත්වයජනතාවට කිරා මැන බලන්නටත් එළඹුමක් ලබා දෙනවා යැයි මම සිතනවා”
“අරගලය තුළ කලාව ප්‍රධාන භූමිකාවක් අත්පත් කරගෙන තිබෙනවා. ලෝකය පුරාම සිදුවූ සෑම විප්ලවයකදීම ජනතාවගේ ඉල්ලීම්සහ අරගලකරුවන්ගේ ප්‍රකාශනය වීදි කලාව ලෙස දෘශමය ලෙස ඉදිරිපත් කෙරෙන, විරෝධී කලාවක් අපට මුණ ගැසෙනවා.”
“අරගලය, චින්තාවක් සහ නිර්මාණශීලිත්වයක් ලෙස හුවා දක්වන මෙම ‘විරෝධයේ කලාව’ අරගලයේ තවත් පැති කඩක්”