“ඩලස් අගමැති කරලා රට ස්ථාවර කරන්න” ඩිලාන්

ඩලස් අලහප්පෙරුම අගමැති ලෙස පත්කර ඔහුගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා රට වහාම ස්ථාවර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි.
මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවත් එවන් ආණ්ඩුවක් බිහිකර ගතහොත් ඒ හරහා විදේශ රටවල් හා සංවිධාන වලින් උදව් ලබාගත හැකි බවත් ප්‍රකාශ කරන ඒ මහතා මේ අර්බුදයෙන් ගැලවීමේ මඟ එය බව ප්‍රකාශ කරයි.
අජිත් නිවාඩ් කබ්‍රාල් ආර්ථික ඔස්තාද් කෙනෙක් නොවෙන බවත් ඔහු කබ්බෙක් බවත් පිළිගත යුතුව ඇතැයි ප්‍රකාශ කරන ඩිලාන් පෙරේරා පීබී ජයසුන්දරත් එවැනිම කබ්බෙක් බව ප්‍රකාශ කරයි.
ඔවුන් පත් කරපු එක වැරදිබවත් එය පිළිගෙන ඉදිරියට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
Social Sharing
නවතම