ඇමරිකාවෙන් යුක්‍රේනයට ආධාර

අමෙරිකාව , යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ.

එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍ර‍ස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ඩොලර් බිලියන 20 ක් යුද කටයුතු සඳහාත්, ඩොලර් බිලියන 8.5 ක් ආර්ථික කටයුතු සඳහාත් ඉතිරි ඩොලර් බිලියන 3 මානූෂීය ආධාර ලෙසත් යුක්‍රේනයට ලබාදීමට යෝජනා වී තිබේ.

තවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්  අමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේ, කිසිසේත්ම රුසියාවට ප්‍රහාර එල්ල නොකරන බවයි.

එසේම සුප්‍රකට නිළි ඇන්ජලීනා ජොලී විසින් යුක්‍රේනයෙහි සංචාරයක නිරත් වී ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

ඊයේ(1) දින පටන් යුක්‍රේනයේ දොන් බාස් නගරය සිවිල් වැසියන් වෙනුවෙන් වසා දැමීමට එරට රජය තීරණය කර ඇත.

Social Sharing
නවතම විදෙස්