විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්

පසුගිය දිනක ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය 14වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ කුට්ටිගල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.

Social Sharing
නවතම