බැසිල් රටින් පනී..?

හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (16) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව ලංකා ඊ නිව්ස් වාර්තා කර ඇත.
ඊනිව්ස් වාර්තා කරන ආකාරයට ඔහු පිටත්ව ගොස් ඇත්තේ රත්මලාන ගුවන් තොටේ නවතා තිබූ N 750 GF වර්ගයේ පුද්ගලික ජෙට් යානයක් මාර්ගයෙන් ය. ඔහු පිටත්ව ගොස් ඇත්තේ උදෑසන 10.40 ට ය. එය පිටත් වී ඇත්තේ ඩුබායි කරා බවත් එම ගුවන් ගමන නියමිත කාලසටහනට පිටතින් සිදුකළ එකක් බවත් ලංකා ඊ නිව්ස් කියයි. මෙම වේලාව සාමාන්‍යයෙන් ලංකාවේ සිට ඩුබායි කරා ගුවන් ගමන් සිදුනොකරන වේලාවක් බවත් වාර්තා වේ.
මීට අමතරව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ ලංකා හොස්පිට්ල්ස් වෙත ගොස් එහි සිට හෙලිකොප්ටරයක් මගින් බැසිල් රාජපක්ෂ රත්මලාන වෙත ගොස් මෙම ජෙට් යානයෙන් රටින් පිටවී ඇති බවය. මෙම ජෙට් යානය දින කිහිපයක සිට රත්මලානේ නතරකර තිබී ඇති බවද වාර්තා වෙයි.
Social Sharing
නවතම