පොලිස් ට්‍රක් රථ ඉවත් කර ගැනේ. BASL අනතුරු ඇඟවීමක්!

ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සමග ගෝෆේස් විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.
 මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් රටට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බවය.
“මේ රටේ ජනතාවගේ සාමකාමී විරෝධතාවයක් කුමන ආකාරයකින් කඩාකප්පල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් පිළිබඳව BASL දැඩි සැලකිල්ලක් දක්වයි. එවැනි ඕනෑම උත්සාහයක් රටට, එහි ප්‍රජාතන්ත්‍රවාදයට, එහි ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත,” BASL නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.
මූලාශ්‍රය නිව්ස්පීඩියා
Social Sharing
නවතම