ජනපති ලේකම් කාර්යාලත් වීසිවෙයි

ජනාධිපතිවරයා සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම රාජකාරි කරයුතු කොටුව ජනාධිපති නිළ නිවස වෙත ගෙනගොස් ඇත.
එම කාර්‍යාලය ඉදිරියේ පවතින ජන අරගලය නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර මේ අනුව තාවකාලිකව ජනාධිපතිවරයා ගේ නිළ රාජකාරී කොටුව පිහිටි ජනාධිපති නිල නිවෙසේ සිදු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
වාර්තා වෙන අන්දමට මේ තත්ත්වය මත ජනපති මැදුරේ ඉහළ මාලයේ රැදීී සිටින ජනාධිපතිවරයා එහි පහත මාලයේ නිල රාජකාරි සියල්ලක්ම සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩලයද මේ වනවටි ජනපති මැදුරේ පහත මාලයේ ස්ථානගතව ඒ ඒ රාජකාරීන් සිදු කරන බව දැනගන්නට ලැබේ.
Social Sharing
නවතම