ඔමික්‍රෝන් හි තවත් උප ප්‍රභේද සොයාගැනේ

කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇත.

මෙම නව උප ප්‍රභේද ‘බී.ඒ.1.1’ සහ ‘බී.ඒ.2.1’ යනුවෙන් නම් කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති අතර බී.ඒ.1.1’ යන නමින් නම් කළ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ චීනයේ සූෂෝ නමැති නගරයෙන්ය. ‘බී.ඒ.2.1’ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ ඩාලියන් නමැති නගරයෙනි.

ඩාලියන් නගරය පිහිටා ඇත්තේ, චීනයේ ෂැංග්හායි නුවර සිට කිලෝ මීටර් 70 ක් දුරින්ය. කෙසේවෙතත් මේ වනවිටත් ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් දරුණු ලෙස පැතිරෙමින් බැටකන චීන නගරයක් වන්නේ ෂැංග්හායි නුවරයි.

Social Sharing
නවතම විදෙස්