මුලු කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි?

මුලු කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් තම ධුරවලින් ඉල්ලා අස්වෙන්නට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

අද (03) රාත්‍රියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය රැස්වීමක් අරලිය ගහා මන්දිරයේදී පැවති අතර එහිදී නව අන්තර්වාර ආණ්ඩුවකට ඉඩකඩ සලසා දීම සඳහා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ තමන් එම රැස්වීම තුළදීම ඉල්ලා අස්වූ බවයි.

Social Sharing
නවතම පුවත්