ජනාධිපතිවරයාගේ නියෝගයට මොකෝ උනේ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 2 දා හවස 4ට පමණ නිවේදනය කළේ එම දවසේ සවස 6 සිට එලබෙන සදුදා (04) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි රට පුරාම ඇඳිරිනීතිය පනවන බවය.

ඉන්පසුව ඔහු විසින් තවත් අති විශේෂ ගැසට්ටුවක් පළ කරමින් පොදු ස්ථානවලට ඇතුල්වීම ද තහනම් කළේය. මෙම නිවේදන දෙකම රටේ පොදු ජනතාව තඹ සතයකට මායිම් කළ බවක් පෙනෙන්නට නැත.

කොළඹ නගරය තුළ ද කොළඹ නගරයට අති සමීපවද පිහිටි බොහෝ තැන්වල ජනතාව එකතුව ජනාධිපතිවරයාට සිය ධුරයෙන් සමුගෙන යන්න යැයි බලකරන උද්ඝෝෂණවල නිරත වූහ.

ඔහූහු එක හඬින් උච්ච ස්වරයෙන් ඉල්ලා සිටියේ අසාර්ථක රාජ්‍ය පාලකයා වහාම සිය ධුරය හැර යා යුතු බවය.

මෙහිදී වැදගත් කාරණය මට පෙනෙන ලෙස, ජනාධිපතිවරයාගේ නියෝග ජනතාව තකන්නට සූදනම් නොවීමය.

එයින් පැහැදිලි වන්නේ ඔහු තවදුරටත් සිය ධුරයේ කටයුතු කිරීමට සුදුසු නැති බවය.

ජනාධිපතිවරයා පසුගිය 2 දා පැනවූ නියෝග ඔහු යටතේ සිටින සමහර පොලිස් නිළධාරීන් හෝ තඹයකට මායිම් කළේ නැත.

බොහෝ පොලිස් නිළධාරීන් උද්ඝෝෂකයන්ට සිය උද්ඝෝෂණ යෙහෙන් කරගෙන යෑම සඳහා ගෞරවනීය ලෙස සහාය දුන්නෝ ය.

හමුදාවන් හී තත්ත්වයත් මීට අසමාන වන්නට විදිහක් නැත.

එය එසේ නම් දැන් ජනාධිපතිවරයාට කරන්නට තිබෙන්නේ තව දුරටත් ජනතා අප්‍රසාධයට පාත්‍ර නොවී සිය ධුරයෙන් සමුගෙන යා මය.

එහෙත් ඔහු ඒ සඳහා සූදානම් නැති බවක් පෙනෙන්නට ඇත.

මෙම සූදානම් නැතිකම මෙම රට තවදුරටත් අරාජික රටක් කරනු ඇත.

එනිසා කැබිනට් මණ්ඩලය සහ අග්‍රාමාත්‍යවරයා සිය සමුගැනීමට සූදානම් පසුබිමක ජනාධිපතිවරයාටත් තිබෙන්නේ හිත හදාගන්න ය.

Social Sharing
නවතම විශේෂාංග