මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි..?

පවතින ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අයිතිය වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

මේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට සම්පාදනය කරමින් ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ විට නව අග්‍රාමාත්‍යවරයෙක් සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කැමැත්ත පළකර ඇතැයි කරුණු වාර්තා වෙයි.

මේ අනුව පත්වෙන නව අග්‍රාමාත්‍යවරයා ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත, විජේදාස රාජපක්ෂ වැනි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වෙන්නට බොහෝ දුරට ඉඩ ඇතැයිද, ඉන් අනතුරුව බිහිවන නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ හැර වෙන පුද්ගලයෙකුට පිරිනැමෙනු ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳව විමසීමේදී පොහොට්ටු ප්‍රබලයෙක් ප්‍රකාශ කළේ මෙම නව ආණ්ඩුවේ විදෙස් ඇමති ධුරයට රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා වී ඇති බවය.

මෙම නව ආණ්ඩුවට සහාය දෙන්නේ දැයි අයිතිය වෙබ් අඩවිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ජනතාවගේ මෙම අරගලයේ අපේක්ෂාව රාජපක්ෂවරුන් සියල්ලම ගෙදර යැවීම බවය.

Social Sharing
නවතම