විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු

රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය.

කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීම් කර තිබුණේ පැය 7ක විදුලි කප්පාදුවක් අවශ්‍ය බවය. එහෙත් එම මණ්ඩල යෝජනාවට කොමිසමෙන් අනුමැතිය හිමි නොවුණ අතර ඔවුන් තීරණය කර තිබුණේ කලාප දෙකකට කඩා එක කලාපයක පැය හතරයි විනාඩි තිහක් සහ අනෙක් කලාපයේ පැය හතරයි විනාඩි හතලිහක් විදුලිය සිඳලීමට ය.

එහෙත් වර්තමාන තත්ත්වය සහ ජල විදුලි බල ධාරිතාවය එන්න එන්නම අඩුවීම ඩීසල් බලාගාර ප්‍රශ්න ආදිය නිසා මෙම පැය හතේ ඉල්ලීමත් තව ඉහළ යා හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. වර්තමාන තත්ත්වය තුළ මෙගාවොට් 700ක් පමණ ජාතික විදුලිබල පද්ධතියට අහිමිවී ඇති අතර ඉදිරි කාලයේදී වැසි නොලැබුණොත් මෙම ප්‍රමානය තවත් ඉහළ යා හැකිය.

Social Sharing
නවතම