අලි අගල, අලි වැලි ජාවාරමක්

මහවැලි බී කලාපය සහ රක්ෂිත කැලෑව අතරින් වනජීවී අමාත්‍යාංශය විසින් මේ දිනවල කනිමින් සිටින අලි වැට ආසන්නයේ ‘අලි අගල’ වැලි ජාවරමක් බව වැලිකන්ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති.

අඩි 10ක් පමණ පළලට සහ අඩි 8ක් පමණ ගැඹුරට කනිමින් සිටින මෙම ‘අලි අගල’ මනම්පිටිය මඩකලපු පාර වැලිකන්ද මහවැව පන්සල ඉස්සරහා ප්‍රදේශයේ මේවනවිට කැනීම් සිදුකරගෙන යන අතර මෙම කැනීම් හරහා මතුවෙන වැලි සහ පස් ටිපර් රථ යොදාගෙන වෙනත් ප්‍රදේශවලට ගෙන යමින් ඇත. වැලිකන්ද යනු වැලි පසක් සහිත ප්‍රදේශයක් වීම නිසා අලි ගම්වැදීම නතර කිරීමට කපන මෙම අගල විශාල ඉල්ලමක් වී ඇත. මෙම වැලි ජාවාරම පිටුපස වනජීවී අමාත්‍යාංශය සිටින බව ගම්මුන් චෝදනා කරයි.

මෙම අගාධයට අලියෙක් වැටුණොත් ඌ අනිවාර්‍යෙන් මරණයට නියමිත බව ප්‍රකාශ කරන වැලිඔය ප්‍රදේශවාසීන් මෙම අගලට එකතුවෙන ජලය නිසා ඉදිරියේ දී මඳුරු කරදරයට මුහුන දෙන්නට වෙන බව ප්‍රකාශ කරයි.  ඒ අනුව මෙම කැනීම් කටයුත්ත දීර්ඝකාලීනව පරිසරයට බලපාන දෙයක් බව ඔහුහු ප්‍රකාශ කරති.

Social Sharing
නවතම පුවත්