ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ශේෂ්ඨාධිකරණයට ඉදිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ තිරයෙන් එහා තොරතුරු බොහෝමයක් අනාවරණය කර තිබුණ අතර මේ සමගම ජනතාවට රහසක්ව තබාගෙන සිටි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පසුගිය දා පාර්ලිමේන්තුවට භාර දී ඇති බව වාර්තා වෙයි.

සහරාන් කල්ලිය සමග බුද්ධි අංශන්වලට තිබූ සම්බන්ධතා ජාලය පිළිබඳව මෙන්ම බුද්ධි අංශයන් පාස්කු ප්‍රහාරයට ප්‍රථම එම තොරතුරු CID යෙන් වසන් කිරීම ආදී බොහෝමයක් තොරතුරු මේ පෙත්සම හරහා මාධ්‍ය වෙත පැමිණි අතර ඒ සමගම මෙතෙක් සඟවාගෙන සිටි මෙම කොමිසන් වාර්තා පාර්ලිමේන්තුව වෙත භාරදී ඇත.

මේ අනුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ හරිගුප්ත රෝහණධීර කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දී ඇත.

Social Sharing
නවතම