ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.

MPs and President Gotabhaya ended without an agreement

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10) රාත්‍රී 7 ට පමණ ආරම්භ වුණි. එම සාකච්ඡාවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද කරනු 11 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් එම යෝජනාවලිය සඳහා ජනාධිපතිවරයා විසින් සංශෝධන කිහිපයක්ද ඉදිරිපත් ඇති බව වාර්තා වේ. රට තුළ මතුව ඇති දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් ව ඇති…

Read More

මිලියනයක ජන ගඟක් කොළඹට

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ගෙදර යන්න යැයි බලකරන #Gohomegota2022 විරෝධතාවයේ කැඳවීමක් ලෙස අද (09) කොළඹ ගෝල්ෆේස් පිටියට ජනතාව මිලියනයක් එකතුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට කොළඹ ගෝල්ෆේස් පිටියේදී ආරම්භ කිරීමට නියමිත ය. කිසිදු දේශපාලන පක්ෂයක නායකත්වයක් හෝ මඟපෙන්වීමකින් තොරව ජනතාව විසින්ම සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධතාවය කැඳවීම මෙහි ඇති විශේෂත්වයයි.

Read More

ඩිෆෙන්ඩර් වලින් රඟපු ඇමතිලා දැන් කෝ?

Read More

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”

#GoHomeGota2022 political crisis in sri lanka economy down

මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත් එයින් ගම්‍ය කෙරේ. මේ අතර, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය උපත ලැබුවේ ඇමරිකාවේ ය. ගෝඨා සමග එම ක්‍රමයත් ගෙදර යා යුතු බව කියන විට, ඒ දෙන්නාම යා යුත්තේ එකම රටකට වීමත්, මන පිනවන සරදමකි. මේ වන විට මුළු රටම වීදි උද්ඝෝෂණ මාලාවකින්…

Read More

පාඩු ලබන සියල්ල පුද්ගලිකකරණයට?

Privatizes loss-making state institutions in Sri Lanka gotabaya rajapaksa

ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික අර්බුදයට විසඳුම පිළිබඳ සාකච්ඡා තුළ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා වෙමින් ඇතැයි දැනගන්නට ලැබෙන අතර මීට ප්‍රථමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම කොන්දේසි ලංකාවට ඉදිරිපත් කළත් කිසිඳු රජයකට ඒවා ක්‍රියාත්මක කරන්නට නොහැකිවිය. එම නොහැකියාවද වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවක් බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම පුද්ගලිකාරණ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රවෘත්තියක් පළකරන මව්බිම මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම…

Read More

ජාතික සම්පත් කියන තරම් ජාතිකද?

sri lanka economy down State resources of sri lanka

කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය  කළ  යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා එය අඩු මුදලකට භාන්ඩයක් හෝ සේවාවක් සැපයූ පමණින් හෝ වැඩි ස්ථිර රැකියා ප්‍රමාණයක සැපයූ පමණින් ජාතික සම්පත් වශයෙන් හැඳින්විම සුදුසුදැයි සොයාබැලීම  මෙම ලිපියේ අරමුණයි. ප්‍රශ්නගත “සම්පත්” වශයෙන් සැලකෙන ආයතන අයත් ක්ෂෙත්‍ර ලෙස ගමනාගමන, මහාමාර්ග, දුම්රිය, විවිධ කර්මාන්ත, වරාය, ගුවන් තොටුපොළ, විදුලිය, ඉන්ධන සහ බලශක්තිය, ඉඩම් හා වාරි ව්‍යපෘති දැක්විය හැකියි. පොදුවේ ගත් කල  රජයේ ආයතන…

Read More

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ

Basil Rajapaksa ajith nivard cabraal economy down dollar crisis in sri lanka

වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක් නැත. අවසන් වරට පැමිණි ඩීසල් නැව හරවා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. හේතුව නැවට ගෙවන්නට ඩොලර් නැතිවීමය. අද පුවත්පත් වාර්තා කර තිබුණේ තෙල් ගේන්න ඩොලර් නොදෙන නිසා මහජන උපයෝගීතා කොමිසම මහ බැංකුවට සහ එහි ලොක්කා අජිත් නිවාඩ් කබ්‍රාල්ට විරුද්ධව උසාවි යන බවය. මේ අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳ සංගමය ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී පිටරටින් ගෙන්වන…

Read More

අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – රොහාන් සමරජීව

“විශ්වාස කරන්න මහත්මයාණෙනි, සති දෙකක දී තමන් එල්ලා මරණ බව මිනිසකු දැනගත් විට, එමගින් ඔහුගේ මනස පුදුමාකාර ලෙස ඒකාග්‍ර කරනු ලබයි” – සැමුවෙල් ජොන්සන් සති දෙකකින් මේ රටේ ජනතාව එල්ලා මැරීමට නියම වී ඇති අතර ඔවුන්ගේ සිත් ඒකාග්‍රවීම සඳහා පරිනත වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයට සහ විශාල ලෙස මිල ඉහළ යාමට ඔවුහු මුහුණ දෙමින් සිටිති. ආර්ථිකයේ පහසුවෙන් වෙනස්වෙන අංග වන ආහාර, ඉන්ධන සහ ප්‍රවාහනය අතහැර, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ගණන් බලන මුලික උද්ධමනය මගින් යටින් දිවෙන උද්ධමනය පිළිබිඹු කරන අතර එය 2021 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.8 …

Read More

සත්ව ආහාරත් නෑ…. කුකුළු ෆාම් හාංසියි..!

Animal feed imports and poultry farms collapse

රටතුළ උද්ගත ඩොලර් අර්බූදය නිසා සහ ආහාර නිශ්පාදනය පහත වැටීම නිසා සත්ව ආහාර ආනයනය කරගන්නට නොහැකිවීමෙන් සත්ව ගොවිපළ වසාදමන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැතිබව එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරති. මේවනවිට වෙළඳපොළේ බොයිලර් කුකුල් මස් කිලෝවක මිල රුපියල් හත්සියයේ සීමාවට ළඟාවී ඇති අතර නැවුම් කුකුල් මස්වල මිල ගණන් රුපියල් අටසියයේ සීමාවට ළඟාවී ඇත. ඉදිරියේදී මෙම මිල ගණන් රුපියල් දහසේ සීමාව පසු කරනු ඇත. මේ වනවිට සාමාන්‍ය වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 27ක් පමණ වෙනතුරු ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය දිගට පැවතුනහොත් බිත්තරයක මිලද රුපියල් 50ක් පමණ වෙනු ඇතැයි ප්‍රකාශ වේ.

Read More