පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කුරුණෑගල දී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. වසර 30ක දේශපාලනයේදී තමා දේශපාලනයෙන් අයථා ලෙස මුදල් හරි හම්බ කරගත් පුද්ගලයෙකු නොවන බව සඳහන් කළ මන්ත්‍රීවරයා වත්කම් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයකට පමණක් නොව වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහටම අද හොරු කියන ලේබලය අලවා ඇති බවත් සාධාරණ අවංක ලෙස දේශපාලනය කරන මන්ත්‍රීවරුන්ට මින්…
Read MoreTag: sjb sri lanka
තවත් නොගැලපෙන දීගයක් ඉස්සරහට බලාගන්න පුළුවන්.
සර්වපාක්ෂික සමුළුවට සජබ නෑ..
පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රීලනීපය යෝජනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්වපාර්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 23 දා පැවැත්වීමට යෝජිත මෙම සර්වපාක්ෂික සමුළුව කිසිම තේරුමක් නැති බොරු මාධ්‍ය සන්දර්ශනයක් පමණක් බවද එයින් පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා කිසිඳු දෙයක් නොලැබෙනු ඇති බවද සජබ මතය බව එම ප්‍රකාශකයා ප්‍රකාශ කළේය. වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරුන්ද මෙම සමුළුව වර්ජනය කරන බව මීට ප්‍රථම ප්‍රකාශ කර තිබුනි.…
Read Moreවිපතට පත් ජනයා බේරාගන්න අහසින් වැටුණු සජිත්!
සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය විරෝධතාවය දක්වන්නට අවස්ථාවක් ලැබී තිබිණි. එසේ වුව ද, රැලියට සහභාගී වී සිටියේ සමගි ජන බලවේගයේ ම ආධාරකරුවන් බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව එයට පොදු මහජන විරෝධයක තත්ත්වයක් නො වූ බව පෙනෙන්නට තිබේ. මේ ආණ්ඩුවට විරෝධය දක්වන්නට ඉදිරිපත් වන තවත් බොහෝ පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් ගෙන්වන්නට හෝ ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නට හෝ මේ මොහොතේ සමගි ජන…
Read Moreදෙන්නං කාසිවලට නං බෑ..!
15දා සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් කළා. සජබේ කට්ටිය නං ඉන්නේ රටේ බලය අල්ලපු මට්ටමේ ෆෝම් එකක. සජබෙ කට්ටිය ජනාධිපති ලේකම් කාර්යාලය වටකලා. කොහොමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා පනින්න එයාලගේ සැලැස්මක් නොතිබුණ බව පැහැදිලියි. නැත්තං වැඩේ කරන්න ඕනි තරං අවස්ථාව තිබුණා. ඇත්තටම ඔයාලා දන්නවා රටේ රාළ සජිත්ගේ දේශපාලනය එක්ක එකඟ නෑ කියලා. ඒකට හේතුව සජිත් ප්‍රේමදාසගේ පුතා වීම නං නෙවෙයි. සජිත් රටේ ජනවරම ගන්න හදන්නේ දෙන්නං කාසිවලට. ඒ කියන්නේ රටට කිසිම වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ නැතිව, රාජපක්ෂ විරෝධයෙන් විතරක් ගොඩයන්න හදන්නේ. එතන සජිත් සහ රටේ රාළ අතර…
Read Moreජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?
ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ. නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර වසරකට රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි. ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන…
Read Moreජාතික අපේක්ෂකයෙක් සොයා ගත යුතුයි!
කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ ගැහිලා බලන් හිටියා. සමහරු වීඩියෝ කළා. ‘වීඩියෝ කළාට කමක් නෑ, ඔයාලා අපි හැවෝම වෙනුවෙන් අපි මේ කොළඹ ආවේ’ එක විරෝධතාකරුවෙක් පාර අයිනට වෙලා වීඩියෝ කරන හාදයෙක්ට කියනවා මම අහගෙන. කොල්ලුපිටියේ හන්දියේ විරෝධතා පා ගමන හින්දා ගමන අවහිර වුණ කාර් එකක හිටි නෝනා කෙනෙක්ට වීරෝධතාකරුවෙක් මෙහෙම කියනවා ‘ඔයාලට සුව පහසුව යන්න ඩීසල් පැට්රල් ටික නැති නිසා…
Read Moreසජබ විරෝධතාවයට විශාල ජනතාවක් කොළඹට
සමගි ජන බලවේගය “රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් සංවිධානය කර ඇති විරෝධතාවයට මේ වනවිටත් විශාල ජනතාවක් කොළඹ නගරයට ඇතුල්වෙමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන සජබ නියෝජිතයෙකු පැවසූවේ මේ වනවිට බස් රථ 1500ක් පමණ කොළඹ බලා නෙක ප්‍රදේශවල සිට ධාවනය වෙමින් තිබෙන බවයි. මෙම පා ගමන පිළිබඳව සිය ෆේස්බුක් ගිනුම හරහා අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියාසිටින්නේ පස්වරු 1ට මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිටින් සහ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ වෙන බවය.
Read Moreපොහොට්ටුවෙන් කුණු බිත්තර විරෝධතා රැල්ලක්..!
වර්තමාන ආර්ථික අර්බුදයට විපක්ෂය වඟකිව යුතුයැයි ප්‍රකාශ කරමින් ඇතුල් කෝට්ටේ සජබ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රමුඛ උද්ඝෝෂකයින්, සජබ කාර්‍යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වෙයි. මීට ප්‍රථම පසුගිය 5 දා හවස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ හෝකන්දර නිවස ඉදිරිපිටට ගිය කුඩා උද්ඝෝෂකයින් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුවායැයි ඇයට විරුද්ධව විරෝධතා දක්වනු ලැබිණි.
Read Moreආණ්ඩුව පෙරළා දමන්න සජිත්ගෙන් ට්‍රයි එකක්..
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රට කඩාවැටී ජනජීවිතය අවුලෙන් අවුලට යෑම වැළැක්වීම සඳහා වහාම නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජබ සාකච්ඡාවට පිවිස ඇතැයි වාර්තා වෙයි. පසුගිය 4 දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී හදිස්සියේ පැවතී ඇති අතර එහිදී විමල් වීරවංස සහ උදය ගම්මන්පිළ ඇමති ධුරවලින් ඉවත් කිරීමත් සමග ඇතිවී තිබෙන ආණ්ඩුවේ පිපිරීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. එහිදී මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට හෝ වහාම පාර්ලිමේන්තු ඡන්දයක් ලබාගැනීමට හෝ විපක්ෂය උත්සාහ දැරිය යුතු…
Read More