”විගණනය මගෙන් පටන් ගන්න” ජේ සී අලවතුවල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කුරුණෑගල දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

වසර 30ක දේශපාලනයේදී තමා දේශපාලනයෙන් අයථා ලෙස මුදල් හරි හම්බ කරගත් පුද්ගලයෙකු නොවන බව සඳහන් කළ මන්ත්‍රීවරයා වත්කම් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයකට පමණක් නොව වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහටම අද හොරු කියන ලේබලය අලවා ඇති බවත් සාධාරණ අවංක ලෙස දේශපාලනය කරන මන්ත්‍රීවරුන්ට මින් බරපතළ අසාධාරණයක් සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තුව 1977 පසුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජිතයන්, සංස්ථා ආයතන මණ්ඩල නිලධාරීන් ඇතුළු සියලු දෙනා විගණනයට ලක් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

Social Sharing
නවතම