තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…
Read MoreTag: minister of ports and shipping
ණය හිලව්වට උතුරු මුහුද ඉන්දියාවට දුන්නාද?
වර්තමාන ඩොලර් අර්බූදය හමුවේ තෙල්, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සඳහා ඉන්දියාවෙන් ණය ගනිමින් සිටින ආණ්ඩුව එයට හිලව්ව ලෙස උතුරු මුහුද මසුන් මැරීම සඳහා දකුණු ඉන්දියානු ධීවරයන්ට නිදහස් කර ඇතිදැයි ප්‍රශ්නයක් බව උතුරේ ධීවරයෝ ප්‍රකාශ කරති. පසුගිය කාලයේ දිගින් දිගටම ඉන්දියානු අධිබල බෝට්ටු උතුරු මුහුද ආක්රමනය කර ඇතැයිද උතුරේ ධීවරයන්ට ප්‍රහාර එල්ලකරමින් ඇතැයිද මේ නිසා උතුරේ ධීවර ප්‍රජාව අන්ත අසරණ අඩියකට වැටී ඇතැයිද කරුණු වාර්තා වෙන අතර ආණ්ඩුව එයට රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වෙන බවක් පෙනෙන්නට නැත. පසුගිය දා ඉන්දියානු ධීවර ප්‍රහාරයක් නිසා උතුරේ ධීවරයන් දෙදෙනෙක් මියගොස් ඇතැයිද කරුණු වාර්තා වෙන අතර වර්තමානයේ ඉන්දියානු…
Read Moreලංකා මුහුදේ මාළු බෑමට දත කන ඉන්දීය ධීවරයෝ…
ලංකා මුහුදේ බාධාවකින් තොරව මසුන් මැරීමට ඉඩ සලසා දෙන්නැයි ඉන්දීය ධීවර සමිති ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. විශේෂයෙන් ලංකා නාවික හමුදාවෙන් කිසිදු ගැටළුවක් නොමැතිව ඉන්දු -ලංකා මුහුදේ ඉන්දීය ධීවරයන්ට මාළු අල්ලන්න ඉඩකඩ හදා ගන්න, තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් ප්‍රාන්ත හා මධ්‍යම ආණ්ඩුව ලංකා ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරලා අනුමැතිය ගන්න අවශ්‍ය’ යැයි රාමේශ්වරම් ධීවර සංගම් නායක බෙන්සිංලාස් ජේසුරාසා ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලයි. රාමනාදන්පුරම් පුදුකෝට්ටෙයි සිට මසුන් මැරීමට මුහුදු ගිය තමිල්නාඩු ධීවරයන් 68 දෙනකු ඔවුන් යාත්‍රා කළ බෝට්ටු 10 ක් සමඟින් ලංකා නාවික හමුදාව මගින් ඉකුත් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වීමේ…
Read Moreජනවාරි 3 සිට “ඉන්දීය ධීවර ආක්‍රමණයක්”…?
නව වසර ආරම්භයේ සිටම ඉන්දීය ධිවරයන් යළිත් මෙරට මුහුදු සීමාව පැන මසුන් මැරීම ආරම්භ කරනු ඇති බවට අනතුරු අඟවන උතුරේ ධීවරයන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලමින් විරෝධතාවයක් දියත් කර තිබේ. ‘මයිලඩි’ ධීවර වරාය ඉදිරිපිටදී වර්ෂාව මධ්‍යයේ දෙසැම්බර් 31 වැනිදා උදෑසන ධීවරයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ වලිකාමම් උතුර ධීවර සංගමය විසින්ය. විරෝධතාව දියත් කර තිබුනේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පනස් අවුරුදු ගිවිසුමකට එළැඹීම ප්‍රකාශයට පත්වුණු දවසේමය. ඊට දෙසතිඅකට පෙර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා උතුරේ සංචාරයක යෙදෙමින්…
Read Moreමේ රජය එක බිම් අඟලක් විකුණලා නැහැ – ඇමති රෝහිත අබේගුණවර්ධන
මේ රටේ දේපල විකුණනව කියල කෑ ගහන්නෙ පසු ගිය කාලේ රටේ දේපල “ගෙඩිය පිටින්ම” විකුණගන කාපු පිරිසක් යැයි”, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඉදිරි අය වැය මගින් ඉදිරි වසරේදී ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිම පිළිබද පලාත් පාලන ආයතන නියෝජිතයින් සමග බුලත්සිංහල ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇමතිවරයා මේ අදහස් පළ කළේය. “ මේ රජය බාරගත් පසු එක බිම් අගලක් විකුණලා තියෙනවද කියල පෙන්වන ලෙස මම අභියෝග කරනවා. විදේශීය හෝ දේශීය ආයෝජකයෙකු මේ රටට ඇවිත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කරනව නම් ඒකට කාටවත් විරුද්ධ වෙන්න…
Read Moreබේරුවල ධීවරයින් එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ඉල්ලයි!
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට උණුසුම් කළේ මීට මාස දෙකකට ඉහතදීය. එහිදී සාගරයට, පරිසරයට හානි වූවා සේම මුහුදු ජිවීන්ද විශාල වශයෙන් මිය ගියහ. එමෙන්ම මේ නෞකාව මුහුදුබත් වීම නිසා මෙරට ධීවරයින් රැසකටද සිය දෛනික රැකියා අහිමිව ගියහ. තවත් පිරිසකගේ ධීවර ආම්පන්න විනාශ විය. කොරොනාවෙන් හෙම්බත් වී සිටි ඔවුන් මේ නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම නිසා කබලෙන් ලිපට වැටුණි. රජය එදා බලාපොරොත්තු වූයේ මේ නෞකාව අයත් සමාගමෙන් වන්දි ගැනීමටය. එහි එක් පියවරක් ලෙස මේ වන විට රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මෙරටට ලැබී ඇත. අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා…
Read Moreනැව් ගින්නෙන් සිදුවූ හානිය අයකරගැනීමට විදේශීය නීතිඥ සහාය
කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් වෙළෙඳ නෞකාවෙන් සිදු වු හානියට වන්දි ලබා ගැනිමේදී ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය කටයුතු සිදු කිරීම ජාත්‍යන්තර රක්ෂණ සමාගම් සමඟ සිදු කරන බැවින් රටට හිමිවිය යුතු හිමිකම්පෑම සඳහා ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ. එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදු වූ බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම පිළිබදව තවත් සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය…
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් හී බලපෑම ඉන්දීය ධීවරයන්ටත්
කොළඹට ආසන්න මුහුදේ දී පසුගිය මාසයේ මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වූ අධික විෂ සහිත ද්‍රව්‍ය ලංකාවේ වෙරල තීරය වනසා ලීමට අමතරව දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවරයන් ද භීතියට පත් කිරීමට හේතු වී තිබේ. තාවකාලික තහනමකින් පසු තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ අනෙකුත් ප්‍රදේශවලින් නැවතත් මුහුදු ගිය ධීවරයෝ ඔවුන්ගේ ජීවනෝපාය රැඳී ඇති සමුද්‍රීය ජීවීන්ට සිදුව ඇති හානිය පිලිබඳ කනස්සල්ල පළ කර සිටිති. ඉන්දු-ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්රයෙන් අල්ලාගත් මසුන් මිලදී ගැනීම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන බියෙන් වෙළෙන්දන් මාළු මිලදී ගැනීමට මැලිකමක් දක්වයි. මසුන්, ඉස්සන් සහ…
Read Moreවෙරළට ගොඩගසන මුහුදු ජීවී දේහ ගැන ආණ්ඩුවෙන් පරස්පර කතා!
කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී වෙළෙඳ නෞකාවක් ගිනි ගෙන මුහුදු බත් වීමෙන් පසු දැවැන්ත සාගර ජීවීන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් වෙරළ තීරයට ගොඩ ගැසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් පරස්පර අදහස් ප්‍රකාශ කරමින් සිටිති. වෙරළට ගොඩ ගසා ඇති කැස්බෑවන් මියගොස් ඇත්තේ මුහුදු ජලය මත තිබු තෙල් තට්ටු හේතුවෙන් බව වනජීවි අමාත්‍යවරයා පවසද්දි, වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කැස්බෑවන්ගේ මරණවලට හේතුව “වාරකන්” බවයි. රටේ විවිධ පළාත් වලින් මේ දින වල වාර්තා වන කැස්බෑවන්ගේ මරණ ධීවර අමාත්‍යවරයා විසින් බැහැර කර ඇත්තේ අසත්‍ය තොරතුරු ලෙසිනි. ධීවර අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයක් නොවන බව ප්‍රකාශ…
Read Moreසමුද්‍රීය ආරක්ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබා දෙන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු දැක ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම් දී ඇති බවත් එහිදී නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ වන්දි ලබාගැනීමේ අපේක්ෂාවෙන් දැයි සැකයක් පවතින බව සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයේදී ඊයේ (14) ප්‍රකාශ කර ඇත. නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ක්වප්ලෝ විටලී මහතා සමුද්‍රිය ආරක්ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් කළ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන්…
Read More