නැව් සමාගමත් සමඟ ආණ්ඩුව ඩීල්! – වසන්ත සමරසිංහ

නැව නිසා විනාශයට පත්ව ඇත්තේ පරිසරය, මහ මුහුද, ධීවර කර්මාන්තය නිසා ජන ජිවිත පවත්වාගෙන ගිය අය බවත් ඒ නිසා නැව මෙරටට ඇතුල් වීමට අවසර දීමට තීරණ ගත් මිනිසුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්නත සමරසිංහ මහතා පවසයි.

අද වෙනකොට ගිනිගත් නැව/ මුහුදුබත් වු නැව පිලිබඳ විවිධ කථා රජය පවසන බවත් මේ නැව් සමාගමත් සමඟ හිතවත් ඩීල් දැමීමට ආණ්ඩුවේ හිතවතුන් මැදිහත් වී ඇත්තේ මන්දැයි ඔහු විමසා සිටියි.

මෙය අද විශාල පරිසර හානියක් බවට පත්ව ඇති අතර රටේ ජනතාව ලුණු එකතු කරන තැනට අද පත්ව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

රසායනික ද්‍රව්‍ය රැගත් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීමේදී ඊට වරාය අධිකාරියෙන් අවසර ගත යුතු බවත් එසේ නැතුව ඇතුල් කීරිමට නොහැකි බවත් එසේ පැමිණෙන නැවකට මෙරට වරායෙන් පහසුකම් ලබා දීමට සිදු වෙන බවත් එමෙන්ම තොරතුරු සහිතව නැවක් මෙරටට ඇතුල් කරන බවද හෙතෙම කියයි.

නැව උදේ දුම් දාන විට වරාය භාර ඇමතිවරයා වතුර ගසා ගින්න නිවන්න ගිය බවත් රසායන ද්‍රව්‍ය සහිත දෙයකට වතුර ගසා නිවන්න බැහැ කියන්නේ 10 වසරේදී බවත් නමුත් ඉගෙනනොගත් අයෙක් සමඟ තර්ක කිරීමෙන් ඵලක් නොමැති බවද වසන්ත සමරසිංහ මහතා පවසයි.

පහුගිය වසරේ ගිනිගත් නැවෙන් ලැබුණු වන්දි වලට කුමක් වුවාදැයි තවමත් නොදන්නා බව සඳහන් කරන ඔහු පවසන්නේ වන්දි අරන් ඇවිත් මුහුදට නොදමන බවත් ඒ නිසා පීඩාවට පත් වු ජනතාවට වන්දි යුතු බවත්ය.  ඒසේම පරිසර පද්ධතිය ශුද්ධ කරන්න මුදල් යෙදවිය යුතු බවය.

නමුත් දැන් සිදු වන්නේ නැව් සමාගමත් සමඟ ජාවාරම්කරුවන් පිරිසක් ඩීල් දමන බවත් වන්දි කථා කරන බවත් හිතවත්කම් වැඩි වෙද්දි වන්දි අඩු වී සිංගප්පුරුවේ එකවුන්ට් වලින් තව ටිකක් ඒගොල්ලන්ගේ එකවුන්ට්ස්වලට යන බවට චෝදනා කරන ඔහු පවසන්නේ වහාම මෙයට විධිමත් පරික්ෂණයක් පැවැත්විය යුතු බවය.

-ශානි-

Social Sharing
නවතම