කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් නෞකාව හේතුවෙන් රජය ධීවරයන්ට මෙම මුහුදූ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙසට දැනුම් දී ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් නෙලා ගන්නා මසුන් ආහාරයට ගැනීමෙන් වැලකී සිටින ලෙසටද අනතුරු අඟවා ඇති හෙයින් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව කබලෙන් ලිපටම ඇද වැටී ඇති බව මීගමුව පුරවැසි එකමුතුව ප්‍රකාශ කරයි.
කොළඹ වරායට නුදුරින් තවමත් දැවෙමින් පවතින සිංගප්පූරු සමාගමට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට මුසු වූ රසායනික ද්‍රව්‍ය වලින් කිව නොහැකි පරිසර විනාශයක් සිදු වෙන බව ඔවුන් කියා සිටියි.
මුහුදු තීරයේ ජලය අවපැහැ ගැන් වී ඇති අතර මුහුදෙන් හමන සුළඟේ මින් පෙර විද නැති දුගඳක් වහනය වෙමින් පවතින අතර පිරිසිදු කිරීමට අපහසු තරම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු වෙරළේ ගොඩගැසෙමින් පවතින බවත් මේ වන විටත් මුහුදේ මසුන් මිය ගොස් ජලය මතු පිට පාවෙමින් වෙරළට ගොඩගසාගෙන ගෙන එන අතර ඒවා තුළ නුහුරු ද්‍රව්‍ය රැදී ඇති බව දැකිය හැකි බවද මීගමුව පුරවැසි එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
එම නිවේදනය වැඩිදුරටත් මෙසේය.