මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගැටළු රැසක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විවිධ වෛද්‍ය පාර්ශවයන් අදහස් පළ කර සිටිති. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී ඇත්තේ වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටය. විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62/63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා අවධානයට යොමු කර ඇති අතර ඒ අනුව ඉදිරියේ දී අවශ්‍ය සංශෝධන සඳහා සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ (01)…
Read MoreTag: Mahinda Rajapaksa
කොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ මෘතදේහ භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන් පසුවය. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දින කිහිපයක් ගතවු නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ පිලිබඳ විවිධ පාර්ශවද විමසීම් කර තිබුණි. ඒ අතරතුර අදාල ගැසට්ටුව නිකුත් කෙරුණි. නමුත් ඒ ගැසට්ටුව නිකුත් කෙරුණද තවමත් මෙරට ජනතාවට කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය…
Read Moreවැල යන අතට මැස්ස ගසනවාද?…කොන්දක් තිබෙන බව පෙන්වනවා ද?
විශාල මඩ ඡන්ද සටනකින් පසුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ජයගෙන ඇත. ඔහුගේ ප්‍රතිවාදියා රාජපක්ෂවරුන්ගේ නීතීඥයෙක් සේ ප්‍රකට කුවේර ද සොයිසා ය. කුවේර ද සොයිසා ලබාගෙන ඇත්තේ පරතරයට ආසන්න ඡන්ද ප්‍රමානයක් ය. එයත් සැලකිය යුතුය. පීරිස් මහතාට ඡන්ද 5,162ක් ද සොයිසා මහතාට ඡන්ද 2,807ක්ද හිමිවී තිබුණි. 2021 – 2022 වර්ෂය සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට පැවැති මෙම නිලවරණයේදී දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී නීතීඥයින් 17000 පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා තිබුණ බව දැනගන්නට ඇත. මෙම ඡන්දය හෝ එහි ප්‍රථිපලය කිසිදු වැදගැම්මකට නැති බව පොහොට්ටු ලෝලීන්ගේ මතයයි. එහිදී…
Read Moreඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු කොටගත් අගමැති මහින්ද රාජපක්ෂ මුණගැසී තිබුණි. ආර්ථික, වෙළෙඳ, ආයෝජන, විද්‍යා තාක්ෂණ, ආරක්ෂක හා අධ්‍යාපන ක්ෂේත්‍ර වල ද්විපාර්ශවික සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර සාකච්ඡා සිදුකෙරුණු බව අගමැති මහින්ද රාජපක්ෂ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණි. “එතුමා දැන් පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ. ඒ හින්දා ආණ්ඩුව බලනවා එතුමාව අපට මුණගස්වන්න නොදී එතුමාව ගෙනල්ලා මේ…
Read Moreපුවත්පත් මණ්ඩලයෙන් කිසිදු මාධ්‍ය මර්ධනයක් නැහැ – අමාත්‍ය කෙහෙළිය
පුවත්පත් මණ්ඩලය යාවත්කාලීන කිරීමෙන් කිසිදු මාධ්‍ය මර්ධනයක් නොවන බවත් මේ වන විට ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ මේ සම්බන්ධව පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පුවත්පත් මණ්ඩලය යළි සංශෝධනය කිරීමෙන් මාධ්‍ය මර්ධනයක් සිදු වෙනවාද යන්න ඊයේ (23) දින කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේය. එහිදී පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධව පැහැදිලි කරමින් කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යංශය වශයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍ය ආයතන වල කතා කිරීමේ නිදහස, භාෂණයේ නිදහස, ඉදිරිපත් කිරීමේ නිදහස රකින අතරතුර මිලියන 22කට ආසන්න මෙරට ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමේ වගකීමත් ජනමාධ්‍ය අමාත්‍යංශයට පවතින බවය. පුවත්පත් මණ්ඩලය සම්බන්ධව…
Read Moreදෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය
මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ යුධ සමයේ දී යුධ හමුදා සෙබළුන්ට ඔවුන් දුන් පීඩාව සිහිපත් වීමෙන් නිසා විය යුතු යැයි මහනුවර අනිවත්තේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විනය ගරුක පිරිසක් වන නමුත් ත්‍රස්තවාදී යුද සමයේ ලැබූ අත්දැකීම් හේතුවෙන් කොරෝනා එන්නත…
Read Moreකොකු ගහලා ඇදන් යන ආණ්ඩුවක් අපිට අවශ්‍ය නැහැ! – ඇල්ලේ ගුණවංශ හිමියන්
වැඩියෙන්ම විනාශයන්ට පාර කපා ඇත්තේ පහුගිය යහපාලන රජය කාලයේදී බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. ඒ පාරේම මේ රජයත් යාමට සුදානම් වන්නේ නම් ඊට එරෙහිව ඇප කැප වී ක්‍රියා කරන බවද උන් වහන්සේ පවසයි. උන් වහන්සේ පවසන්නේ පහුගිය වසර 72 පුරාම බලයට පත් වු සියලු රජයන් මේ රටේ සම්පත් විනාශ කිරීම සම්බන්ධව වගකිව යුතු බවත් ඔවුන්ට ප්‍රතිපත්ති තිබුණාට, නීතිරීති තිබුණාට ඒවා ක්‍රියාත්මක නොවුන /නීතිය ස්ථාපිත නොවුන රටක් බවය. වන සම්පත් විනාශ කරන දේශපාලඥයන් පිලිබඳවද තොරතුරු මේ වන විට මහජනතාවගෙන් ලබා ගනිමින් සිටින බවත් තවදුරටත් මහජනතාවට ඒ සඳහා තොරතුරු ලබා දිය…
Read Moreකැබිනට් ඇමති කියන්නේ දැන් බෝඩ් ලෑල්ලක් විතරයි! – මහාචාර්ය එච්.ඩබ්ලිව් සිරිල්
මුලින්ම අපි කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකුට රටේ ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් එතුමා ධුරයට පත් වෙලා වසරකට වැඩි කාලයක් ගත වෙලා. නැවත හිතලා බැලුවොත් මේ තිබුණු බලාපොරොත්තු ගැන මොකක්ද කියන්න තියෙන්නේ? අවුරුද්දකට පස්සේ අපි ආපසු හැරිලා බලනකොට ඒ අවුරුද්ද අපිට එච්චර සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා මේ රජය බලයට පත් කරගත්තේ විශාල බලාපොරොත්තු රාශියක් එක්ක. ඒ ගොල්ලන් රට වෙනත් මගකට අරගෙන යනවා කියලා කිව්වා. රට සංවර්ධනය කරනවා, නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. ඒ වගේ දහසක් බලාපොරොත්තු…
Read Moreමම ආණ්ඩුව දාලා යන්නේ නෑ. ආණ්ඩුව මාව දාල ගියොත් තමයි! – ඇමති විමල්ගේ කෙටි උත්තර
අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. විශේෂයෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිලිබඳව විවේචනය කර තිබු අතර පොදුජන පෙරමුණේ සියල්ලන්ම කලබලයට පත්ව තිබෙනු දැකිය හැකි විය. පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කළ නොහැකි බව සෘජුව ප්‍රකාශ විය. මේවන විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇත්තේ බෙදිමකි. මේ අතර ඊයේ (19) දින කොලඹ පැවති උත්සවයකින් අනතුරුව…
Read Moreසීතල ජිනීවා ලංකාව නිසා උණුසුම් වෙයි! – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හෙළිදරව්ව 02
ජිනීවා වල සීතල පරදවා මේ වන විට උණුසුම් වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් බවත් මෙවර පැවැත්වෙන ජීනිවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා බර ආයුධ (Big Guns) භාවිතා කරන්නට පටන්ගෙන ඇතැයිද ඔවුන් සියලු දෙනාම පාහේ උත්සහ දරන්නේ තමන්ගේ මතය නිවැරදි කිරීමට බවද මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා වල පවතින තත්ත්වය පැහැදිලි කරමින් ඔහු ඒ බව කියා සිටියේය. පහුගියදා ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පිටු 30 කින් යුත් වාර්තාවට ලංකාව කරුණෙන් කරුණට පිලිතුරු දී ඇතැයිද නමුත් ඒ පිලිතුරු කවුරුන් පිලිගනිවීද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැකි මුත්…
Read More