අරගලයට මොකද  වුනේ..?

What happened to the golf face struggle

– අජිත් මුණසිංහ –

ගෝල්ෆේස් අරගලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන අරගලයක් වඩාත් පැහැලිව කිවුවොත් ඓන්ද්‍රීය ජන අරගලයක්. නවසමසමාජ පක්ෂ දේශපාලනය තුල අපේ ප්‍රාර්ථනාව උනේ, කම්කරු පංති මහා වැඩවර්ජනයක් සමඟ ජනතාවගේ දැවැන්ත ඓන්ද්‍රීය අරගලයක් තුලින් ධනපති පාලනය පෙරලා දැමීමයි, ඒ වෙනුවෙන් පූර්ණ කාලීනව කැප උනා, දින ගනන් සාකච්චා කලා පංතිය පක්ෂය හා නායකත්වය කියන සූත්‍රගතකිරීම පරම ලෙස විශ්වාස කලා, අපිව පිස්සන් ලෙස සැලකූ මිත්‍රයින් අපහාසෙට කිවුවේ, නවසමසමාජ කාරයින් උදේට ජනෙල් ඇරලා බලන්නේ ජනතාව ජන අරගලයට පාරට බැහැලද කියලා, ජනතා සංගම් යාළුවෝ ජනක විමලරත්න, “නොකලයුත්තේ කුමක්ද?” පොත ලියූ C.J. අමරතුංග සහෘදයා විහිළු කලේ වෙසක් එකට ජනයා පාරට බහිනවා, ආන්න එදාට සෙට් වෙයන් කියලා….

කොහොම නමුත් පෞද්ගලිකව මම පසුකාලෙක ” පංතිය පක්ෂය හා නායකත්වය ” සූත්‍රගතකිරීම පිලිබඳ සැක කලා පමණක් නොවෙයි, උපරි ව්‍යහයකින් කරන එවැනි Operation එකක් විප්ලවය ලෙස බාරගන්න එකඟ නැති උනා… කොහොමටත් අඩු දියුණු දූපත් රාජ්‍යයක් වන ලංකාව තුල විප්ලවය යනු කුමක්දැයි වෙනම විග්‍රහයකට එන්න සිදු උනා… මම අදත් එම තේරුමෙන් වැඩ කරනවා….

කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගලයේදී “බහුජන සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව” නමින් පුළුල්ම එකතුවක අවශ්‍යතාවය දකිමින් ඒ වෙනුවෙන් වැඩ කලා, අපේ පැරණි මිත්‍රයින් සමහරු “බලය පාර්ලිමේන්තුවෙන් පිටතට ” වගේ සටන්පාඨත් දැම්මා, විවිධ අදහස් දරණ වෘත්තීය සමිති රාශියක නායකයින් හා සිවිල් සංවිධාන නායකයින් ශිෂ්‍ය නායකයින් එකට රැස්වෙලා සාකච්චා කර තීන්දු ගැනීම, අරගලයට ආරක්ෂාවක් නායකත්වයක් ඉදිරි දැක්මක් කියන හැම පැත්තෙන්ම වැදගත් උනා… හැමදාමත් වගේ ජෙප්පන්ට සම්බන්ද වෘත්තීය සමිති නායකයින් හිටියේ කුමන්ත්‍රණ කාරී මානසිකත්වයක, ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් සභාවක තමන්ගේ අණසක පතුරවන්න බැරි බව දන්නා උන් කට්ටිවාදී විදියට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කඩාගෙන ගොස් වෙනම මධ්‍යස්ථානයක් විදියට ” වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ” නමින් වෙනම සංවිධානය උනා අරගලය මැද්දේ මතභේද හැදීම නොකල යුතු දෙයක් බැවින් අපි එතෙන්ටත් යමින් මධ්‍යස්ථාන දෙකකින් උනත් නිවැරැදි තීන්දු රැගෙන වැඩ කරමු යයි යෝජනා කලා…. තීරණාත්මක දිනය උනේ මැයි 09, ප්‍රහාරය, අපි හැමෝගෙම අදහස උනේ, අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණ කරුවන් හා පහරදීමට ආපු මැරයින් වහාම අත් අඩංගුවට ගතයුතුයි එසේ කරන තුරු අඛණ්ඩ මහා වැඩවර්ජනයක් දියත් කලයුතුයි.

එය ඉතාම තීරණාත්මක සංධිස්ථානයක් උනා, ජෙප්පන්ගේ ඊනියා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එදා රෑ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් මහ වැඩවර්ජන තීන්දුව ඉවත් කරගත්තා කිවුවේ, බරපතල පාවාදීමක් කරමිනුයි. වැඩකරන ජනතාව හා අරගලය අතර ගොඩනැගෙමින් තිබුනු සහසම්බන්ධය ඉතා දැනුවත්ව බිඳ දැම්මේ ආන්න එහෙමයි. ජෙප්පන්ගේ කූඨ උවමනාව උනේ, පෙරටුගාමී ඌරන් කැකුණ තැලුවට ජේවීපී හබන් කුකුළන්ට රජමගුල් බුක්ති විඳීමයි…. පාර්ලිමේන්තු නියෝජනයක් තිබෙන බහුජන පක්ෂය තමන් නිසා තමන් අතට ඉබේම බලය ලැබෙයි, නැත්නම් අනිවාර්යයෙන්ම තියන්න වෙන මැතිවරණයක පූර්ණ වාසිය තමන් අතට ලැබෙයි …. හැබැයි මුන්ට වඩා ධනපතියන් ඉතා සූක්ෂමිකව ව්‍යවස්ථාව තුලින්ම තමන්ට ඉන්න හොඳම නායකයාට රාජ්‍ය බාරදෙන්න වැඩකලා…. මෝඩ ජෙප්පෝ දැන් කාබයිට් කාපු ඌරො වගේ කෑගහනවා රනිල් වික්‍රමසිංහට අම්ම මෝ නැතුව කුණුහරුප කියනවා…. නමුත් රට අරාජික වීමට වඩා රනිල්ගේ මැදිහත්වීම මේ මොහොතේ වටිනාබව වැඩකරන ජනතාව හා සාතශීය බහුතරයක් පොදු ජනතාව තීරණය කලා, වෘත්තීය සමිති ගොබ්බ නායකයින් නොතකා සේවකයින් නිහඬ එකඟතාව දුන්නා… පෙට්‍රෝලියම් එකේ වෘත්තීය සමිති නායක කබ්බෝ කණින් අල්ලලා එලියට විසිකලා අදටත් කවුරුවත් මීක් නැත්තේ ආන්න ඒකයි. ඒ නිසා වෛරක්කාරී Post දාන ජෙපි මල්ලිලාට කියන්න තියෙන්නේ කරපු ගොංකම් වලින් උගත් පාඩම් ඇතුව ඉදිරියටවත් හැදෙන්න බලපල්ලා.

– අජිත් මුණසිංහ –

Social Sharing
අවකාශය නවතම විශේෂාංග