ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?

Rajapaksa government in crisis

රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි වගේ කියවනවා. ඇඟට දැනෙන දේ ඔළුවට ගන්නේ නැතිව ඔහේ කියවනවා. දැන් විඳුරත් කියන්නේ මෙහෙම ගියොත් මේ ආණ්ඩුව පුපුරලා යන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි විජේදාසත් ඊයේ පෙරේදා  කිව්වා තව සති තුනකින් ලොකු සාගතයක් එක්ක ජනතා නැගිටීමක් එනවා කියලා. හැබැයි මේ ඔක්කොමලා 20 ටයි, අයවැයටයි අතර උස්සපු අය. අද ආණ්ඩුවේ කාගෙන් ඇහුවත් ඉතින් අහන්න තියෙන්නේ අඬවැඩියාවක්ම…

Read More

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300

Rajapaksa government spends Rs. 5300 billion in debt

වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය  ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව වන්නේ කිසිදු වැඩක් කර නොමැති 2020,2021 අවුරුදු තුල පවතින ආණ්ඩුව ලබාගත් සහ ඇපවූ (පබ්ලික් ඇන්ඩ් ගැරන්ටීඩ්) ණය ප්‍රමාණය රුපියල් බිලියන 5300 තරම් ඉහළ අගයක් ගත බවයි. එනම් ඒ පස් අවුරුද්දට වඩා මේ දෑවුරුද්දට සෞභාග්‍යයේ ආණ්ඩුව ගෙන ඇති ණය ප්‍රමාණය වැඩි බවය. 2022 වසර සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත්කර ඇති අයවැය මගින්ද පෙන්නුම් කර ඇති ආකාරයට…

Read More

අපි හිනාවෙන්නේ චිචීටද?

rohitha rajapaksa Chichi sirasa Program

‘චිචී’ ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකා‍ව නියෝජනය කරන්නෙ. චිචී හරියටම අපි ඉස්සරහ අපේ හෙළුව පෙන්න පෙන්න ඇවිදිනවා කියල මට හිතෙනවා. ලංකාවෙ සිංහල ජාතිය ගැන, භාෂාව ගැන ලොකුවට කතා කරන අය හැමෝමත් තමන්ගෙ දරුවට උගන්නන්න හදන්නෙ ඉංග්‍රීසි. ඒක නලින්ද සිල්වා, ගුණදාස අමරසේකරලාගෙ ඉඳන්ම ඇත්තක්. චිචී ඒක කියනවා. ඒ කියද්දි බොරුව අපිට පේනවා. අපි ඌට හූ කියනවා. ඇත්තටම අපි කාටද හූ කියන්නෙ? චිචීගෙ හරිම ලස්සන දෙයක් තියෙනවා. ඌට එක එක දේවල් කරන්න ආසයි. හැබැයි ආස ඒ කිසිම…

Read More

ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න

This government can be overthrown - Rajitha Senaratne

රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර යැවිය හැකි තත්ත්වයක් තිබුණ බවද, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක සිටින බවද ප්‍රකාශ කරන ඔහු පවසන්නේ එහෙත් විපක්ෂය ඒ සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග නොගත යුතු බවය. මේ පිළිබඳව අයිතිය වෙබ් අඩවිය ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව තුළ පැහැදිලි බෙදීමක් ඇති බවය. එනිසා පවත්නා ආර්ථික අර්බුදය විසඳා රට වර්තමානයේ වැටී තිබෙන…

Read More

ඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න

හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න, ලස්සන තරුණියක් කසාද බඳින්න, ඔය වගේ සාමාන්‍ය හීන ඕනෑම තරුණයෙක් ට තියෙනවා. සමහරුන්ට තියෙනවා හීනයක් නාසා ආයතනයට යන්න. අභ්‍යාවකාශගාමියෙක් වෙන්න, රොකට් එකක් අභ්‍යාවකාශයට යවන්න, ඇමර්සන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෝ ටිකක් හමුවෙන්න යන්න, ආචාර්‍ය උපාධි දෙකක් කරන්න, මේවාට අපි කියනවා සුවිශේෂ හීන කියලා. මේ වර්ග දෙකේම හීන දකින තරුණයෝ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම රටක ඉන්නවා. හැබැයි…

Read More

PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!

pta

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත සමාලෝචනයට ලක් කිරීමේ අවශ්‍යතාව පහුගිය කාලය පුරාම දේශපාලන මෙන්ම සිවිල් සමාජය ඇතුලු මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබුණි. හැත්තෑව දශකයේ අග භාගයේදී තාවකාලික පනත් ලෙස රැගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා උතුරු නැගෙනහිර පුද්ගලයින් රැසක් මෙන්ම, සුළු ජාතීන්ට විවිධ හිංසා පීඩා සිදු පහුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි. ඒ නිසා ජාත්‍යන්තර මානව සංවිධානද මෙරටින් ඉල්ලා සිටියේ වහාම ත්‍රස්වාදය වැලැක්වීමේ පනත සංශෝධනය විය යුතු බවය. නැතිනම් අහෝසි කළ යුතු බවය. කෙසේ නමුදු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පනත පිලිබද අවධානය යොමු කර එය සංශෝධනය කිරිමට පියවර ගෙන ඇත.…

Read More

නව ව්‍යවස්ථා කටයුතු අවසන් අදියරේ.

new constitution of sri lanka mahinda rajapaksha

නව ව්‍යවස්ථාව සකස් කිරීම අවසන් අදියරේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළ අතර අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අබ්දුල් වහීබ්, අබ්දුල් සලාම්,මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න,මහාචාර්ය ජී.එච් පිරිස්, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ජනාධිපති නීතිඥ නවීන් මාරපන සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එස් සර්වේස්වරන් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරනු ලබයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රටට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දුවක් ලබා දුන් අතර  එම ජනවරමට…

Read More

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට අගමැතිගෙන් නිවාස

Homes for victims of Easter attacks Mahinda Rajapaksa

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි අප්‍රසාදය පළ වෙමින් තිබියදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමට අගමැතිවරයා කටයුතු කර තිබේ. රජය නිවේදනය කර ඇත්තේ 2019 පාස්කු ඉරුදින එල්ල වූ  ප්‍රහාර මාලාවේ  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියරට ඔක්තෝබර් 28 වැනිදා  අග්‍රාමාත්‍යවරයා එක් වූ බවයි. පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් “අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවසු බව රජය වැඩි…

Read More