පසුගිය දවසක අපි දැක්කා ඊළඟට පොලිස්පති වෙන්න හීන දැක්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහපාරේ මිනිස්සු ගහපු විදිහ. ඒ ගහන ගමන් මිනිස්සු කීවේ මොනාද? ඒ කියපු දේවල් මතක නම් ඔබට තේරෙන්න ඕනී පොලීසිය ගැන මිනිස්සුන්ට දැන් තියෙන්නේ මොනවගේ අප්‍රසාදයක් ද කියන එක. කෑගල්ලේ ඩිවිෂනය භාරව හිටපු කීර්තිරත්න ගැන කතාව අද වෙනකොට අපි සේරම දන්නවා. ඒ තමන් විශ්වාස කරන, තමන්ට උඩට උඩට යන්න උදව් ලැබුණ මහින්ද රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කරන්න නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග කරපු නිසා. ඒ නියෝගය නිසා රඹුක්කන තරුණයෙක් ඝාතනය වුණ නිසා. නැත්තං කීර්තිරත්නගේ සත් කීර්තිය පොලීසිය ඇතුලෙම තිබිලා…
Read MoreTag: human rights violations in sri lanka
දහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය
පොලිස් වධහිංසනය තවමත් අවසන් නැත..!
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත ව සිටින බව, මෙම සිද්ධිය ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිලි කළ ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වන ඇය ප්‍රකාශ කරන අන්දමට පසුගිය පෙබරවාරි 27 වන දින තම සැමියා නිවසේ සිටින…
Read Moreපාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?
නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරන්නීය. මෙම සේවය අත්හිටුවීමට හේතුව ලෙස ඇය එහිදී සඳහන් කරන්නී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා විවේචනය කිරීම මෙම සේවය අත් හිටුවීමට හේතුව බවයි. ‘අද පටන් රූපවාහිනිය මාහට තහනම් භූමියක් බවට පත් වී ඇත්තේ මා මගේ මුහුනු පොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසා ය’.…
Read Moreලංකාව ගැන කතාව පසුවට, කාදිනල් මහකොමසාරිස් හමුවෙයි
අද දින (පෙබ:03) ජිනීවා හිදී පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වූ වාර්තාව ඉදිරිපත් කිරීම සහ ඒ ආශ්රිත සාකච්ඡාව යුක්රේන-රුසියා යුධ තත්ත්වය නිසා කල් දමා ඇත. මෙම තත්ත්වය තුළ ජිනීවා දෙසින් එන ආරංචි මාර්ගවලට අනුව 04 වැනි සිකුරාදා සවස ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් Michelle Bachelet ඉදිරිපත් කැරෙනු ඇති අතර ඉන් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී ඒල් පීරිස් ජිනීවා මානව හිමිකම් සැසිය අමතනු ඇත. අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව 07 වන සදුදා ආරම්භ වනු ඇති බව දැනගන්නට ලැබේ. මේ අනුව රාජ්‍ය නොවන සංවිධානයක් යටතේ…
Read Moreමාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?
BBC මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් යාපනයේදී මීට වසර 22කට ඉහත ඝාතනය කිරීම හා සම්බන්ධයෙන් නම් නොකරන ලද 48 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව පසුගිය සතියේ බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ ඒකකය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. අත්අඩංගුවට ගන්නා ලද්දේ නිමලරාජන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ‘නැපෝලියන්’ නමින් ප්‍රකට සෙබස්තියන්පිල්ලේ රමේෂ් බව ලාංකික හා ඩයස්පෝරා මාධ්‍ය ආයතන ගණනාවක්ම වාර්තා කර තිබුනත් බ්‍රිතාන්‍ය පොලිස් බලධාරීන් ඒ බව තහවුරු කළ බවක් දැනගන්නට නැත. අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුණේ එක්සත් රාජධානියේ, 2001 ජාත්‍යන්තර අපරාධ අධිකරණ පනතෙහි 51 වැනි වගන්ති ප්‍රකාරව ය. මෙකී ප්‍රතිපාදන…
Read Moreචන්ද්‍රිකා අත්සන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල කෙරෙන මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරය මේවනවිට විශාල ජනප්‍රියතාවයක් අත් කරගෙන ඇති අතර චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියද සිය නිවසේදී මෙම පෙත්සමට අත්සන් තබා ඇත. මීට අමතරව හිටපු විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ද මෙම මහජන පෙත්සමට පසුගිය 18 දා සිය නිවසේදී අත්සන් තැබුවේය. මුලතිව් මාධ්‍ය සමාජයෙන් පෙබරවාරි 03 වැනිදා ඇරඹි…
Read Moreශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය
-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන අදහස් හේතුවෙනි. බැලූ බැල්මට ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීතියෙන් නියම කර ඇති නිසි ක්‍රියාපටිපාටියට පටහැනිය. පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඇතිව මෙන්ම ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිවද අත්අඩංගුවට ගැනීමේ හැකියාව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සාම නිලධාරීන්ට තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) ව්‍යවස්ථාවට අනුව අත්අඩංගුවට ගැනීමට හේතුව ෂෙහාන් මාලකට ප්‍රකාශ කිරීම ඕනෑකමින්ම සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස්…
Read More