ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි. ඒ අනුව වැඩි ඡන්ද 11 කින් එම යෝජනාව සම්මත වී තිබුණි. එදින ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මොන යෝජනා සම්මත වූවත් අපේ ගමන දිගටම බවය. එමෙන්ම ඔහු ඉන් නොනැවතී මේ පිලිබඳ අද (25) පාර්ලිමේන්තුවේදීද කථා කළේය. ඔහු කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය…
Read MoreTag: Dinesh Gunawardena
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා බහුතර ඡන්දයෙන් සභා සම්මතයි.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය. බලයේ සිටින ආණ්ඩුවේ විරෝධතාව පරදා මානව හිමිකම් මණ්ඩලය 2015 න් පසු ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කරගත් මුල්ම වතාව මෙයය. එම යෝජනාව පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට හා සංරක්ෂණයට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අවස්ථාව සැලසේ. එමෙන්ම, රටේ ඉදිරියට සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ තොරතුරු රැස් කිරීමටද ජගත් මණ්ඩලය අනුමැතිය දී ඇත. යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර ආර්ජන්ටිනාව,…
Read Moreශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව අද : ඉන්දියාව වැට උඩ!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව අද එනම් 23 අගහරුවාදා දින ඡන්ද විමසීමට භාජනය කිරීමට නියමිතය. මෙම ඡන්ද විමසීම ඊයේ දිනයට යෙදී තිබුණද මානව හිමිකම් කවුන්සලය විසින් පරිපාලන කරුණු හේතුකොට ගෙන එය අද දිනට යොදන ලද බවට දන්වා තිබුණි. යුද්ධය අවසන් වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් වන පස්වන යෝජනාව මෙයයි. ප්‍රථම යෝජනාව යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව විසින්ම ඉදිරිපත් කරන ලද අතර එය ජයග්‍රහණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එනමුත් වර්ෂ 2012 හා 2014 දී ශ්‍රී…
Read Moreමෙරට අභ්‍යන්තර කරුණු ගැන චෝදනා කිරීම මානව හිමිකම් කවුන්සිලයේ වගකීමක් නොවේ – විදේශ ඇමති
ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී හෙට (22) ඡන්ද විමසීමට නියමිතව ඇත. ඒ අනුව හෙට දිනය ලංකාව සම්බන්ධ තීරණාත්මක දිනයකි. මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ මෙරට අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ ඒ කරුණු සඳහා ඡන්ද විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයක වගකීම නොවන බවය. බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කීපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව…
Read Moreමියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!
නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය මාර්තු දෙවෙනිදාතමින් යවනු ලැබූ ලිපියක් මගින් පැහැදිලි වෙයි. මෙම ලිපියට මියන්මාරය තුළ මෙන්ම ලෝයකපුරා ද ප්රජාතන්ත්රවාදයට ලැදි මිනිසුන්ගෙන් බරපතළ විරෝධයක් නැඟෙමින් තිබෙයි. #ProtestSriLanka නම් හෑෂ් ටැග් එක හරහා ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම විරෝධතා නැඟෙමින් තිබෙයි. මෙය ලංකාවේ ප්‍රතිරූපය වසා පැතිරෙන කළු ලපයකි. මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ විදෙස් අමාත්‍යවරයා බව කියන Wunna Maung Lwin හට මෙරට…
Read Moreශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!
විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමිනි. 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් මෙසේය. *අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස්…
Read More“ජාත්‍යන්තරයේදී තම රටට එරෙහිව කථා කරන්න එපා!” විදේශ ඇමති විපක්ෂයෙන් ඉල්ලයි.
වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ හැකියාව විපක්ෂයට තිබෙන නමුත් විශේෂයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ගනුදෙනු කිරීමේ දී තම රටට විරුද්ධව කතා නොකරන ලෙසත් සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත. රටක විදේශ ප්‍රතිපත්තියක් යනු ජාත්‍යන්තර ලෝකයේ රටවල් සියල්ල සමඟ කටයුතු කිරීම, ගනුදෙනු කිරීම මෙන්ම රට තුළ ක්‍රියාමාර්ගය පිළිබඳව ඇති කරන විශ්වාසයක් මෙන්ම මෙරට අනාගත සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සිද්ධාන්ත ගත ප්‍රතිපත්තිය බවත්, එබැවින් ජාත්‍යන්තරය ඉදිරියේදී කටයුතු කිරිමේදී අනෙකුත් රටවල් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කටයුතු කරන ආකාරයේ දේශපාලනමය ස්වරුපයෙන් කටයුතු කරන ලෙස විදේශ…
Read More