අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්

අමරකීර්ති අතුකෝරළගෙ මරණය වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියක වන්දියක් දෙන්න කැබිනට්අනුමැතිය ලැබිලා තියෙනවා කියලා අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදි කියනවා.

මනුස්ස ජීවිතේ වටිනාකම රුපියල් කෝටියකට ලඝු කරන්න බෑ. වියෝවීම් වන්දි දීලා පිරිමහන්න බෑ. හැබැයි අපේ රටේ ආණ්ඩුවන්දි දෙන්නෙ මියගිය හෝ ඝාතනය උන මනුස්සයගෙ සමාජ මට්ටම, පන්තිය බලලා කියලා පැහැදිලියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තිගෙ පවුලේ අයට රුපියල් කෝටියක වන්දි දෙන්න අනුමැතිය දුන්න කැබිනට් මණ්ඩලය රඹුක්කනදිපොලිස් වෙඩි පහරින් ඝාතනය උන තරුණයා වෙනුවෙන් වන්දියක් දුන්නද? දුන්නා නම් වන්දියත් රුපියල් කෝටියක වන්දියක්ද?

කොවිඩ් පාලනය නොකර උද්දච්ච කතා කිය කිය හිටපු නිසා සිද්ධ උන කොවිඩ් මරණ කියන්නෙ ස්වභාවික මරණ නෙවෙයි, ඝාතන. පෝලිම්වල පැය ගණන් හිටගෙන ඉන්න එක ශාරීරිකව දරාගන්න බැරුව සිද්ධ උන මරණත් ස්වභාවික මරණ කියලා ෆ්‍රේම්කරන්න බෑ. ඒවත් ඝාතන. මරණ හෙවත් ඝාතනවලට රුපියල් කෝටියක තියා තඹ සතේක වන්දියක් දුන්නද? ජනාධිපති, අගමැතිමාරු උනාට තිබුණ ආණ්ඩුවම තමයි දැන් තියෙන්නෙත්. එතකොට මිනිස්සුන්ගෙ පවුල් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තිගෙපවුලට සමාන වෙන්නෙ නැද්ද?

පන්ති අර්බුදය ගැන සැළකිය යුතු මට්ටමක අවබෝධයක හිටපු වාමාංශික නායකයෙක් වන දිනේෂ් ගුණවර්ධනට රනිල්ගෙකැබිනට් එකක ඉඳන් අතුකෝරළගෙ මරණෙට දෙන වන්දි ගැන විතරක් කතා කරන එක කොයි තරම් සදාචාරාත්මකද?

දිනේෂ් ගුණවර්ධන වාමාංශික දේශපාලන පෞරුෂයක් විදියට අහෝසි වෙලා ඉවරයි. අහෝසි භාවය මේ වගේ සිදුවීම් සහප්‍රකාශ එක්ක සීයට සීයක් තහවුරු වෙනවා.

මේ සටහන එක්ක තියෙන පින්තූරෙ ගත්තෙදිනේෂ් ගුණවර්ධන සන්නිවේදන ඒකකයකියන ෆේස්බුක් පිටුවෙන්.

දිනේෂ්ගෙනිශ්චිත දේශපාලනික අහෝසි වීමඑක්ක ඔහු සතුටින් එකඟ වෙන බව මේ හිනාව ඇතුළෙ සංකේතීය වශයෙන් (මට) පේනවා.

චලක ප්‍රමුදිත ලුණුවිලගේ

Social Sharing
අවකාශය නවතම