ශ්‍රී ලංකාවේ සමාජ, සංව­ර්ධ­න­යට ගෙන ඇති ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට එක්සත් ජාතීන්ගේ සහාය…

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය ප්‍රවර්ධනයට සහ දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය පැවසුවාය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් (ASG) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය අතර අරලියගහ මන්දිරයේ ඊයේ (04) පැවැති හමුවේ දී ඇය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන සංවර්ධනය සඳහා ගෙන ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රසාදය පළ කළ විග්නරාජා මහත්මිය UNDP යටතේ අඛණ්ඩ සහාය දෙන බවට සහතික වූවාය.

ශ්‍රී ලංකාවේ පීඩිත ජනතාව සවිබල ගැන්වීමට අගමැතිවරයාගේ කාර්යභාරය පැසසුමට ලක් කළාය.

‘‘රටේ ආන්තික ජනතාව නඟා සිටුවීමට පසුගිය වසර 30 හෝ 40 ක්‍රියා කිරීමේ ඔබගේ ස්ථාවර ප්‍රතිපත්තිය අපි ඉතා අගය කරමුÓ යැයි ඇය පැවසුවාය.

ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය, රාජ්‍ය අංශයේ නවීකරණය, දේශගුණික විපර්යාස, හරිත ආර්ථිකය, ජලය සහ ඒ ආශ්‍රිත අනෙකුත් සංවර්ධන ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද මේ සාකච්ඡාවල දී අවධානය යොමු කෙරිණි.

ආර්ථික ප්‍රකෘතිය සඳහා ගෙන ඇති පියවර සහ දීර්ඝ කාලීන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගෙන ඇති වැඩසටහන් ගැන මෙන්ම බදු පදනම පුළුල් කිරීමට ගෙන ඇති පියවර ගැන ද අගමැතිවරයා සහකාර මහලේකම් දැනුවත් කළේය.

ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රමය ද විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඩිජිටල්කරණය වන අතර එය දේශීය ප්‍රසම්පාදන සඳහා මේ වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර ලංසු සඳහා නව ක්‍රමය සැප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක වනු ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය. UNDP නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), අගමැති ලේකම් අනුර දිසානායක යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

Social Sharing
නවතම පුවත්