ශ්‍රි ලංකාවේ ඉඩම් විදේශයන්ට විකුණන බව, බදු දෙන බවට පහුගිය කාලය පුරාම ආණ්ඩුවට එල්ල වු චෝදනාය. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉඩම් , යාපනයේ ඉඩම් ඒ් අතර කියැවිණි. මේ අතර අද ( 15) ශ්‍රි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ කොළඹ නගරයේ සහ පිට පළාත්වල ප්‍රධාන ඉඩම් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා බදු දී අවම වශයෙන් ඩොලර් බිලියන 6ක්වත් රැස් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය. එම පුවතට අනුව මෙම ඉඩම් කොටස්වලින් සියයට 51 ක් රජය සතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය හෝ හවුල් ව්‍යාපාර මත පිරිනැමීමට නියමිතය.. ඒ අනුව…
Read MoreTag: department of prisons
රැඳවියන් 12 කු වස බීමෙන් දෙදෙනෙකු මිය යයි.
කොළඹ වැලිකඩ , රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන රැඳවියන් 12 කු විෂබිජනාෂක දියර පානය කිරිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් දස දෙනෙකු රෝහල් ගත කර ඇත. ඊයේ (14) ඉරාන රැඳවියන් බැලීමට ඉරාන තානාපති කාර්යාලයෙන් පැමිණ ඇත. එහිදි ඔවුන්ට අවැසි සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දී තිබේ. ඒ් අතර දෑත් පිරිසිදුකාරකද තිබී ඇත. එසේ ලැබුණු දෑත් පිරිසිදුකාරක මෙම රැඳවියන් 12 පානය කර ඇති බව පැවසේ. මෙම රැඳවියන් පිරිස මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද විරෝධතාවක නියැලි සිටියි.…
Read Moreසිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.
සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැගී සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමින් සිරකරුවන් පිරිසක් පසුගිය මාසයේ ආරම්භ කළ විරෝධතාවයට ඔක්තෝබර් 12 වැනිදා වන විට දින 22 ක් සම්පුර්ණ වී ඇති බවය. GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කෙරෙන පසු බිමක සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම සිරකරුවන්ගේ අපේක්ෂාව…
Read Moreවැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ දින සිරකරුවන් 89 ක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරිමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඉකුත් 20 දින වහල මත නැඟ විරෝධතාවයක නිරත විය. ඒ් ඔවුන්ටද සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඊයේ (21) වැනි දිනයේත් සිරකරුවන් දස දෙනෙක් පමණ නිදහස ඉල්ලා විරෝධතාවයේ නිරත විය. මේ අතර ඊයේ දින සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ද ආහාර වර්ජනයකට…
Read More