මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව මේ වන විට තහවුරු වී ඇත. එසේම මේ ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක පසු වෙමින් ඇත. බන්ධනාගාර තොරතුරු වලින් මෙතෙක් ඒ බව හෙළිදරව් නොකළ නමුත් සිරකරු අයීතිවාසිකම් සුරැකීමේ කමිටුව මේ බව අනාවරණය කර ගෙන ඇත. කෝමා තත්ත්වයට පත්ව මුල්ලේරියාව රෝහලේ දැඩි සත්තාකර ඒ්කකයේ මෙලෙස…
Read MoreTag: commissioner of prisons
“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ
“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඇමති වරයා එසේ පැවසීය.…
Read Moreමහර රැඳවියන් බලාපොරොත්තු වූයේ පැන යාම! – බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කියයි.
මහර බන්ධනාගාරයේ කැරැල්ලට නායකත්වය සැපයු සැකකරුවන් 25 ක් හා ඊට ප්රබලව සම්බන්ධ වු සැකකරුවන් 150 ක් හඳුනාගෙන මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. බන්ධනාගාරයක් තුල රඳවන්න පුලුවන් 11762 ක් වන නමුත් පහුගිය කාලයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ යාම නිසා සැකකරුවන් 32,000 දක්වා ඉහළ ගිය බවත්, අධික ලෙස මත්ද්‍රව්‍ය වැටලීම් කළ නිසා මත්ද්‍රව්‍ය ජාවාරකම්රුවන්ට අසහනකාරී තත්ත්වයක් බන්ධනාගාර තුල පැවති බවද ඔහු කියයි. ඒ නිසා කොරෝනා ප්රශ්නය ඉදිරියට දමමින් කිසිදු පදනමක් නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කල්ලි කිහිපයක් මහර බන්ධනාගාරයේ කැරැල්ල නිර්මාණය කළ බවත්,…
Read Moreමරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!
සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටියි. 1998 වසරේ සිට සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ හමුවේදී ඔහු පෙන්වා දී ඇත. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු…
Read Moreමහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට.
කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් සිටි නමුත් පෙරේදා (05) වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කිරීමට හැකි වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අද (07) දින ලැබුණු අවස්ථාවේදීය. පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම…
Read More“මහර ගැටුමින් පසු සැමියා ගැන කිසිඳු තොරතුරක් නෑ” බිරිඳ මානව හිමිකම් කොමිසමට
රැඳවියන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියා සම්බන්ධ කිසිඳු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් කර තිබේ. දෙසැම්බර් 4 සිකුරාදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මාධ්‍ය වෙත කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි. “මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. ”…
Read Moreඅපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන් – මංගල සමරවීර
”පසුගියදා මහර හිරගෙදරදී තමන්ව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරන්නට කියා උද්ඝෝෂණය කරපු සිරකරුවන් පිරිසක් මරාදාලා තිබුන හැටි අපි දැක්කා. ඒ වෙලාවේ හිරගෙදර ඉදිරිපිට දී, තමන්ගේ දරුවන්ගේ ජීවිත ඉල්ලලා අඬා වැටුණු අම්මලාගේ කඳුලු දැකලා මට මතක් වුනේ, මීට අවුරුදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන ආ, දකුණේ අම්මලාගේ කුඳුළු. ඒ අම්මලා එදා කඳුලු හෙලුවේ අතුරුදහන් කරපු ඝාතනය කරපු දරුවන් වෙනුවෙන්. ඉන් පසුව උතුරේ අම්මලාගේ කඳුලුත් අපි දැක්කා. මේ රටේ ත්රස්තවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ පමණක් නොව රාජ්‍ය ත්රස්තවාදයේ ඉලක්ක බවට පතුවූ දරුවන්ගේ ඥාතීන්ගේ කඳලුත් අපි දැක්කා. අපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන්. එදා…
Read Moreමහර මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී
මහර ගැටුමෙන් මිය ගොස් සිටි තවත් රැඳවියන් සිව් දෙනෙකුගේ මෘත ශරිර ඊයේ (05) දින හඳුනාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහ් කර සිටියි. ඒ් මිනුවන්ගොඩ, හොරණ – අගුරුවාතොට, වැලිවේරිය – රතුපස්වල හා වත්තල- ඒඩේරමුල්ල පදිංචිව සිටි සැකකරුවන් සිව් දෙනෙකි. මොවුන් සිව් දෙනාද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වුවන් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා මේ මෘත දේහ හඳුනාගෙන ඇති බව පැවසුවත් මේ වනතුරුත් ඒ් අදාල වසම් වල පොලිස් ස්ථාන වලට මේ මරණ සම්බන්ධයෙන් තොරතුරු ලැබි නොමැති බව මෙම ප්‍රදේශ වල පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ්බැවින් මේ වන විට…
Read Moreවැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධය අවසන් වෙයි!
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වහලය මත නැඟ විරෝධතාවන් වල නිරත වන්නට පටන් ගෙන දැන් දින ගණනකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියයි. මේ පිලිබඳ සොයා බැලීමට අද (05) දින බන්ධනාගාර කළමනාකාරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී වහලය මත සිටි රැඳවියන් වහලයෙන් බස්සා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇත. ඉන් ප්‍රධාන වශයෙන් ඔවුගේ ඉල්ලීම වූ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියත්, පූර්ණ ආබාදිත හා නිදන්ගත රෝග වලින් පෙලෙන සහ වයස අවරුදු 75ට වැඩි රැඳවියන් හට සමාව දීම යන කරුණු පිළිබදව අවධාධනය යොමු කරමින් අමාත්‍යවරයා…
Read Moreමහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් දෙදෙනෙකු හඳුනා ගනියි
මහර බන්ධනාගාරයේ ගැටුම සිදු වී අදට සතියකි. ඒ ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නාගේ මෘත දේහ තවමත් ඇත්තේ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේය. ඒ ඒම මෘත දේහ සම්බන්ධයෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැඟි ඇති හෙයිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පළමුවෙන්ම සඳහන් කළේ මිය ගිය රැඳවියන් හඳුනා ගැනිම අපහසු බවය. ඒ ඔවුන්ගේ තොරතුරු ඇතුලත් ලේඛනාගාරය ගිනිබත් විම නිසා බව ඊට හේතු ලෙස සඳහන් විය. මේ අතර රාගම රෝහල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මිය ගිය රැඳවියන් ඒකලොස් දෙනොගෙන් අට දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වි ඇති බවයි. ඒ අනුව මේ මෘත…
Read More