මහර රැඳවියන් බලාපොරොත්තු වූයේ පැන යාම! – බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කියයි.

මහර බන්ධනාගාරයේ කැරැල්ලට නායකත්වය සැපයු සැකකරුවන් 25 ක් හා ඊට ප්‍රබලව සම්බන්ධ වු සැකකරුවන් 150 ක් හඳුනාගෙන මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.

බන්ධනාගාරයක් තුල රඳවන්න පුලුවන් 11762 ක් වන නමුත් පහුගිය කාලයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ යාම නිසා සැකකරුවන් 32,000 දක්වා ඉහළ ගිය බවත්, අධික ලෙස මත්ද්‍රව්‍ය වැටලීම් කළ නිසා මත්‍ද්‍රව්‍ය ජාවාරකම්රුවන්ට අසහනකාරී තත්ත්වයක් බන්ධනාගාර තුල පැවති බවද ඔහු කියයි.

ඒ නිසා කොරෝනා ප්‍රශ්නය ඉදිරියට දමමින් කිසිදු පදනමක් නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කල්ලි කිහිපයක්  මහර බන්ධනාගාරයේ කැරැල්ල නිර්මාණය කළ බවත්, කොරෝනා ප්‍රශ්නය කථා කිරීමට ගිය විට ඔවුන්ට තිබුණේ ඇප ලබා නොදි තබා ගැනීම පිලිබඳ ගැටළු බවත්, කෙසේ නමුදු ඔවුන්ගේ අවසන් ඉලක්කය වී තිබුණේ බන්ධනාගාරයෙන් පැන යාමද ඔහු පවසයි.

මහර සියලු තුවාලකරුවන්ගේ සාක්කු වල මත්පෙති තිබු බවත් ගැටුමේ සියලු දෙනා මත් වී සිටි බවත් ඔවුන්ගෙන් දැනට ප්‍රකාශ ලබා දී ඇති සියලු දෙනා පවසා ඇත්තේ පෙති වර්ගයක් පානය කළ බවත්, නමුත් එය මානසික රෝගයන්ට ලබා දෙන පෙත්තක්ද යන්න ප්‍රකාශ වී නැතැයිද, බන්ධනාගාර කොමසාරිස් ‌ජෙනරාල්වරයා පවසයි.

මහර බන්ධනාගාර සිදුවිමේදී එහි අධිකාරිවරයා ඔහුට කළ හැකි සියල්ල උපරිමයෙන් සිදු කර ඇති බවත්, බන්ධනාගාර නිලධාරීන් ඔවුන් අතර ගොස් බැටන් පොලු ප්‍රහාරයක්වත් එල්ල නොකළ අතර කැරැල්ල මර්ධනය කිරීමට අවශ්‍ය සියලු පියවර වගකීමකින් යුතුව අදියරෙන් අදියරට ක්‍රියාත්මක කළ බවද ඔහු කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

Social Sharing
නවතම