එන්නත් වලට ඔරොත්තු නොදෙන කොවිඩ් වෛරසයක්!

A.30 නමැති දරුණුතම කොවිඩ් වෛරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මෙම කොවිඩ් ප්‍රභේදය  ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන එන්නත් කිසිවකට මර්දනය කල නොහැකි බව සොයාගෙන ඇත. මෙම වෛරස ප්‍රභේදය ගැන අද යුරෝපය ඇතුළු මුළු ලෝකය ම අවධානයෙන් පසුවේ. මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවට සෞඛ්‍ය  අංශ අනතුරු අඟවයි. සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද ඔහු පවසයි.  

Read More

පළාත් සභා ක්‍රමය රටට අනවශ්‍ය විකෘතියක් – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

channa

පළාත් සභා ක්‍රමය අනවශ්‍ය දෙයක්, රටට බරක් අනවශ්‍ය විකෘතියක්, පළාත් සභා ක්‍රමයට මම එදත් අදත් හෙටත් විරුද්ධයි. ඒක මගේ පෞද්ගලික මතය. ඕනම තැනක මම ඒක කියනවා යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ගලෙන්බිදුණුවැව යකල්ල හුරුලුවැව රොහලේ බහු කාර්ය ගොඩ නැගිල්ල සදහා මුල් ගල තැබීමේ උත්සවය සදහා සහභාගිවූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේය. රුපියල් කෝටි අටක මුදලක් වියදම් කොට යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ මැදිහත් වීමෙන් ගොඩ නැගිල්ල සදා නිම කිරිමට නියමිතව ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට…

Read More

හොඳම දේ හම්බන්තොටටද?

ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත් කරණය වෙනුවෙන් ෆයිසර් එන්නත් තොගයක් ලබා දී ඇත. ෆයිසර් එන්නත් භාරව ඇත්තේ මේ වන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදාවය. අවදානම් අයට දෙන්න ෆයිසර් නැහැ . මෙම එන්නත් තොගය  ලබාදීම ඉතා අවිධිමත් සහ විද්‍යානුකූලභාවයකින් තොර බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. ලංකාවට ලැබී ඇති ඇස්ට‍්‍රසෙනිකා සහ ෆයිසර් එන්නත් ප‍්‍රමාණය ඉතාමත් සීමිත බැවින් සාමාන්‍ය…

Read More