පළාත් සභා ක්‍රමය රටට අනවශ්‍ය විකෘතියක් – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

පළාත් සභා ක්‍රමය අනවශ්‍ය දෙයක්, රටට බරක් අනවශ්‍ය විකෘතියක්, පළාත් සභා ක්‍රමයට මම එදත් අදත් හෙටත් විරුද්ධයි. ඒක මගේ පෞද්ගලික මතය. ඕනම තැනක මම ඒක කියනවා යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ගලෙන්බිදුණුවැව යකල්ල හුරුලුවැව රොහලේ බහු කාර්ය ගොඩ නැගිල්ල සදහා මුල් ගල තැබීමේ උත්සවය සදහා සහභාගිවූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේය.

රුපියල් කෝටි අටක මුදලක් වියදම් කොට යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ මැදිහත් වීමෙන් ගොඩ නැගිල්ල සදා නිම කිරිමට නියමිතව ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිමට නියමිතය.

උත්සවයේ කථා කළ මහාචාර්ය චන්න ජයසුමන මහතා, මම ප්‍රදේශයේ වැවක ප්‍රතිසංස්කරන කටයුත්තක් නිරික්ෂණය කරන්න ආපු අවස්ථාවේ මගේ මිත්‍රයෙකුගේ මව මේ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලක් කළ බව දැනගන්න ලැබිලා මම එහි ආවා.රෝහලට ආවට පස්සේ තමයි දැක්කේ රෝහලේ ගොඩනැගිලි වල හැටි.

අත්තටම කියනවා නම් රෝහලේ තත්වය සෝචනීයයි ලැජ්ජයි කණගාටුයි.රෝහලේ කුස්සිය සූතිකාගාරය ඒවා ගරා වැටිලා.මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ශික්ෂණ රෝහල මූලික රෝහල් දිසා රෝහල් ප්‍රාදේශිය රෝහල් සියල්ලටම ගිහිල්ලා පරික්ෂා කරලා ඒවායේ ඇති අඩුපාඩු සපුරාලා දීලා තියනවා.

ඉදිරියේදි ප්‍රාථමික ප්‍රතිකාර ඒකකත් පරික්ෂාවට ලක්කරනවා.කුරුණෑගල දිස්ත්‍රික්කයයි අපේ දිස්ත්‍රික්කයයි බැලුවම අපි බිංදුවේ ඉන්නේ.මේ වනවිට තඹුත්තේගම හා එප්පාවල යන රෝහල් වල ගොඩනැගිලි දෙකක් ඉදිවනවා.

ඒවා විවෘත කරලාවත් නෑ. නමුත් ඉරිතැළුමක් නැති මුල්ලක් හොයා ගන්න බෑ.මේ ක්‍රමයේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවා.නමුත් බලන්න 1948-1950 වර්ෂවල ඩී.එස් සේනානායක ඩඩ්ලි සේනානායක බණ්ඩාරනායක සමයේ හදපු නෑගම්පහ මරදන්කඩවල කලාවැව රෝහල් තාමත් හොදම තත්වයේ තියනවා.තීන්ත ටිකක් ගාලා නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

රුපියල් මිලියන 70-80යි 150 යි කියලා ඇස්තමේන්තු කරලා ගොඩනැගිලි හදනවා කෝ ඒවයි ප්‍රමිතිය. මේවා කරන්නේ එක්කෝ ණය ආධාර මුදල් වලින් නැත්නම් රටේ මිනිස්සුන්ගේ බදු එකතු කරලා.

මම පළාත් සභා ක්‍රමයට එදත් අදත් හෙටත් විරුද්ධයි.ඒක මගේ පෞද්ගලික මතය.ඒ වගේම මම ඒක ඕනම තැනක ප්‍රකාශ කරනවා.මේ ක්‍රමය ලංකාවට අවශ්‍ය ක්‍රමයක් නෙමෙයි අනවශ්‍ය බරක් පමණයි.

පළාත් සභා ක්‍රමය අනවශ්‍ය විකෘතියක් ඇති කරලා තියනවා සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදි.ඉදිරියේදි ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති වෙනවා.

මුදල් වලට සාධාරණයක් ඇති වෙන විදියට  ආදර්ශ ව්‍යාපෘතියක් කරන්නේ.මේ ගොඩනැගිල්ල හදනවා වගේම අබලන්ව තිබෙන ගොඩනැගිල්ල අළුත් වැඩියා කරනවා යැයි අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම