ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසියට අවශ්‍යයි! – පිලිප් දිසානායක

Extrajudicial killings sri lanka Police torture

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම් 42 දෙහැවිරිදි දෙදරු පියා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම සම්බන්ධව ය. සදුන් මාලිංග වෙනුවෙන් 2014දී මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබූ අතර, එම නඩු තීන්දුව ඊට වසර 7කට පසුව එනම්,  2021 මැයි 21 වන දින ලබා දෙන ලදී. එම නඩු තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) සහ 13(1) ව්‍යවස්ථා උල්ලංඝනය වීමෙන් පැමිණිලිකරැගේ…

Read More

පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි!

Police Commission is investigating the role of the police

ඉකුත් සතියේ කොළඹ නගරයේ පැවති උද්ඝෝෂණ වලදී පොලිසිය අනිසි ලෙස සිය බලය හා නිරෝධායන නීතිය භාවිතා කරමින් හැසිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි  පිලිබද ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශන අරඹා ඇත. කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සහ බත්තරමුල්ල පොල්දූව වටරවුම අසල උද්ඝෝෂණවල නිරත වූ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබියදී ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව පොලීසියට චෝදනා කරමින් කරමින් සිටියි. ඒ ඔවුන් සිය බලය අවභාවිතා කළ බවටය. බලහත්කාරී ලෙස නිරෝධායන කිරීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේද මූලික අයිතිවාසිකම් පෙත්සම්…

Read More

මහජන වෙනසකට සුදුසුම වාතාරවරණ දැන් එළැඹිලා – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

basil fernando rule of law in sri lanka

අධිකරණ 100 කට යනවාට වඩා පාර්ලිමේන්තුවේ නගන එක් ප්‍රශ්නයකින් සමාජයට බලපෑම් කළ හැකි බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පොලීසියට යන හොඳ පුද්ගලයෙක් වුණත් මාස 06 ක් යන විට පරණ පොලිස්කාරයෙකු බවට පත් වෙන බවත් ඊට හේතු වන්නේ පොලීසිය තවමත් යල්පැන ගිය ක්‍රම භාවිතා කිරීම නිසා බවද ඒ මහතා පවසයි. අද ඉහළ නිලධාරීන් පවා පහළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කරනුයේ සැකකරුවන්ට වදහිංසා කර තොරතුරු ලබා ගන්නා ලෙසට බවත් එහෙව් රටක වදහිංසාවේ අඩුවක් පොලිසියෙන් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටියි. මේ නිසා අද අපි ගතියට පත්…

Read More

රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.

c d wickramaratne police torture

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා තබාගැනීම් හා අත්අඩංගුවේදී මරණයටපත් වීම වැලැක්වීම සඳහා යන මැයෙන් පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමිනි. වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ අනුරාධපුර පුරවැසි කමිටුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මානව හිමිකම් හා සංවර්ධනය සඳහා මද්‍යස්ථානය, ඩාබිඳු…

Read More

“අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්න එපා” ජනතා නීතිඥයෝ  සජිත්ට දන්වයි!

Sajith Premadasa lawyers forum of the people

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට  කටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී  විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ. ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත් කරන ලද ප්‍රමුඛ පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාධරයකු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට විපක්ෂ නායකයා මුහුණු පොතේ පල කළ සටහනකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ජනතා නීතිඥයෝ සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි. නීතිඥ නාමල් රාජපක්ෂගේ අත්සනින් යුතුව…

Read More

1994 අංක 22 දරන වධහිංසාවට ලක්වූවන්ට සහය දීමේ පනතට මොකද වුනේ? – නන්දන මනතුංග පියතුමා

torture act sri lanka 1994 Father Nandana Manatunga

රජයේ පාර්ශවයෙන් වදහිංසාවට එරෙහි ව නඩු පැවරීම් මේ වන විට සිදුවන්නේ ඉතාමත් ම දුර්වල තත්වයක බවත් එනිසා වදහිංසාව පිළිබඳ නඩු නොපවරා නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරීන්ට එරෙහිවත් පනතේ වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ යුතු බවට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මහනුවර මානව හිමිකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27) දින පස්වරුවේ කොවිඩ් වසංගතය තුල වදහිංසනයේ වසංගතයට ඉඩ නොතබනු යන මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. මෙය වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි. මෙහිදි තවදුරටත්…

Read More

ශ්‍රී ලංකා පුරවැසියන් වඩාත් අනාරක්ෂිතයි! – SLCAT කියයි!

sri lanka collective against torture Statement

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා, වැඩිවන දඩුවම් නොලැබ සිටීමේ ප්‍රවණතාවය වැළැක්වීම සහ විශේෂයෙන් වදහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා වහාම රජයේ ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින බව වදහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය කියා සිටියි. වදහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. පසුගිය වසර තුළදී, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනපේක්ෂිත  අභියෝගයන් රැසකට මුහුණ…

Read More

පොලීසිය දුෂිත නම්  ඔවුන්ට අනෙකාගේ දුෂණ සොයන්න බැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

The police in Sri Lanka are corrupt Basil Fernando

රටක නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ පොලීසිය හරහා බැවින් ශිලාචාර පොලීසියක් රටට අවශ්‍ය බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පුද්ගලයින්ට සිදුවන වදහිංසා සම්බන්ධයෙන් වෙනස ඇති විය යුත්තේ පොලීසිය තුල පමණක් නොව එය මහජනයා තුලද ආකල්පමය වෙනසක් ඇති විය යුතු බව ඒ මහතා පෙන්වා දෙයි. තමන්ට වදහිංසා කිරීමට කිසිවෙකුටත් නොහැකිය, තමන් මේ රටේ පුරවැසියෙක් නම් තමන්ටද ඇති අයිතිවාසිකම් තිබෙන බව මහජනතාව අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතු බවත් එසේම වෙනකෙකුට සිදුවන වදහිංසාවකදී පවා ඊට එරෙහිව හඬ නැගීමේ ශක්තියක් තිබිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ ජනතාවගේ ආකල්ප තුලින්…

Read More

ඩිජිටල් හැඳුනුම් පතින් පුද්ගල තොරතුරුවලට අනතුරක්!

vaccination Digital ID card sri lanka Informatics Institute of Technology

එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට රජයේ ඇති සුදානම ප්‍රකාශවීමත් සමග එමඟින් පුද්ගලික තොරතුරුවල ආරක්ෂාවට එල්ල විය හැකි  අනතුර තොරතුරු තාක්ෂණ ආයතනයක් විසින් පෙන්වා දී තිබේ. පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි නොගැනෙන බැවින් එහි අනතුර වැඩි වී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීමට ඉදිරි දින කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව දැනුම් දී තිබුනි. කොවිඩ් මැඩලීමට නව තාක්ෂණය යොදාගැනීමට රජය පෙළඹීම කාලෝචිත සහ අගය කළ යුතු කරුණක් වුවත් ශ්‍රී ලංකා රජය ඩිජිටල් කරණයට අවශ්‍ය වන ප්‍රතිපත්ති…

Read More

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

How to build a non-violent police force

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින් අඩක් පමණ සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතුය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉතිරියට වගකිව යුතු ප්‍රධාන ආයතනයයි. එයට අමතරව පොලිසිය විසින් සැකකරුවන් වධහිංසනයට ලක්කිරීමේ සිදුවීම් රැසක් ද 2020දී වාර්තා විය. සාමකාමී මහජන උද්ඝෝෂණවලට බාධාකිරීම්, පහරදීම්, අත්අඩංගුවට ගැනීම් හා හිංසනයට පත්කිරීම් ද රැසක් වාර්තා විය. ජුනි මාසයේදී ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ…

Read More