රටේ පොදු ප්‍රශ්න දිහා වාර්ගික ඇහැකින් බලන්න එපා!

Imtiaz Bakir Marker current political situation samagi jana balawegaya

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මුස්ලිම් මළ සිරුරු භූමදානය ආණ්ඩුව විශාල ප්‍රශ්නයක් කරගත්ත බවක් අපි පහුගිය කාලේ දැක්කා. මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ.. මේක ඇත්තටම සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍යතාවය තිබුණේ නෑ. මේක විද්‍යාත්මක පදනමක් අනුව පරීක්ෂණවලින් නිගමනවලට ඇවිල්ල තියෙනව, ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. මේක බොහෝ දෙනා දේශපාලන වාසි සඳහා උපයෝගී කරගෙන තියෙනවා . ඒ තුළින් ඔවුන් ප්‍රශ්න ඇති කරනවා, විවිධ න්‍යාය පත්‍ර ගේනවා, මේක මහා විහිළුවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය පිළි ගන්වා නම් මේ දේවල් ඇති වෙන්නේ නැහැ. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම…

Read More

“හදිසි මරණ පරීක්ෂක මුස්ලිම්” තනතුරු ගෙන ආවේ යහපාලන රජය – අධිකරණ අමාත්‍යාංශය

New post of coroner Muslim ministry of justice

මුස්ලිම් ජනගහනය 5000 දෙනකුට හෝ ඊට වඩා වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බලපැවැත්වෙන පරිදි හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්)  යනුවෙන් නව තනතුරක් ඇති කර තිබෙන බව පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ අනුව දිවයිනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) ලෙස තනතුරක් ඇතිවනු ඇති බවත් අධිකරණ අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නව හදිසි මරණ පරීක්ෂකවරුන් පිළිබඳ ස්ථාවර කාර්යය සංග‍්‍රහයේ මේ බව සඳහන් කර තිබෙන බවත් එම පුවත් වල වැඩිදුරටත්  සඳහන් කර තිබුණි. නමුත් අධිකරණ අමාත්‍යාංශය මේ සම්බන්ධව කියා සිටින්නේ හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු…

Read More

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව අද : ඉන්දියාව වැට උඩ!

Geneva Resolution on Sri Lanka UNHRC

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව අද එනම් 23 අගහරුවාදා දින ඡන්ද විමසීමට භාජනය කිරීමට නියමිතය. මෙම ඡන්ද විමසීම ඊයේ දිනයට යෙදී තිබුණද මානව හිමිකම් කවුන්සලය විසින් පරිපාලන කරුණු හේතුකොට ගෙන එය අද දිනට යොදන ලද බවට දන්වා තිබුණි. යුද්ධය අවසන් වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් වන පස්වන යෝජනාව මෙයයි. ප්‍රථම යෝජනාව යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව විසින්ම ඉදිරිපත් කරන ලද අතර එය ජයග්‍රහණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එනමුත් වර්ෂ 2012 හා 2014 දී ශ්‍රී…

Read More

මුස්ලිම් ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගත් රැඩිකලීකරණ නීති එපා! – NPC

Democracy and freedom of speech burqa ban in sri lanka

මුස්ලිම් ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගත් රජයේ පුළුල් නීති නැවත සලකා බලන්න යැයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය රජයට පවසා ඇත. කොවිඩ් විසින් ජනනය කරන ලද ආර්ථික පසුබෑම, පාස්කු බෝම්බ හෙලීමේ විමර්ශනය, සීනි බදු වංචාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ඉතා සූක්ෂම ලෙස විසඳිය යුතු බවද ඔවුන් කියා සිටියි. අභ්‍යන්තර හා බාහිර බලපෑම් හේතුවෙන් රට තුළ දුෂ්කර අභියෝගයන්ට මුහුණ දීමට සිදු වෙන බවත්  එය සමාජය තුළ අපේක්ෂා භංගත්වයේ මට්ටම ඉහළ නංවන බවද පෙන්වා දෙන ජාතික සාම මණ්ඩලය පවසන්නේ සියලු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්හී ජනතාව එක්සත්…

Read More

බුර්කා තහනම පස්සට ගියේ ජීනිවා නිසාද?

burqa ban in sri lanka United Nations Human Rights Council

මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඊට තමන්  පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා පසුගිය සිකුරාදා අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය සරත් වීරසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම රට තුල ලියාපදිංචි නොවූ මද්‍රසා පාසැල් 2000 කට  අධික සංඛ්‍යාවක් ඇති බවත් ඒවා නිසි නියාමනයක් නොවීම නිසා ඉදිරියේදී වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු පවසා තිබුණි. මේ අතර පකිස්ථාන තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුණේ බුර්කාව ඇතුළු මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණ වැසෙන ඇඳුම් තහනම්…

Read More

සතුරකු සෙවීමේ සමාජ මනෝභාවය, කොවිඩ් වසංගතය හා මුස්ලිම් ජනයා

minority Muslims burial rights in sri lanka

ලංකාවේ පැවති සිවිල් යුධ සමයේදී සිංහල බෞද්ධ සාමූහික විඥානය විසින් සිංහල සමාජයේ අනෙකා වශයෙන් හදුනා ගැනුණේ දෙමළ ජනයාය, එය යුද්ධය අවසන්වීමත් සමග ක්‍රමානුකූලව  මුස්ලිම් ජනයා වෙතට විතැන් වූ අයුරු අපට නිරීක්ෂනය කල හැකිය.  මෙම ලිපිය හරහා උත්සහ කරන්නේ ලංකාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය තුළද සමාජය විසින් විවිධ ස්වරූපයන්ගෙන් අනෙකෙකු නැතිනම් සතුරෙකු නිර්මාණය කරගන්නා ආකාරයයි. ලාංකීය සමාජය විසින් විවිධාකාරයෙන් නිර්මාණය කරගැනෙන ‘අනෙකා’ පිළිබඳ මනෝභාවය තේරුම්ගැනීමට ප්‍රවේශයක් වශයෙන්  ආචාර්්‍ය ප්‍රභා මනුරත්නගේ මතු දැක්වෙන පැහැදිලි කිරීම වැදගත්වනු ඇත. “එළියෙ ලෝකය නැත්නම් තමන් නොවන ලෝකය සමග සම්බන්ධ වීමේදී  නැත්නම් ගැටීමේදී තමයි ‘මම’ කියල කෙනෙක් ඉන්නව…

Read More

මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!

Burial issue in sri lanka

කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ කර තිබේ. කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියකි. එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් වේ.

Read More

කොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?

Burial of Covid infected corpses Sri Lankan government

කොරෝනා වෛරසය  ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ  මෘතදේහ  භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන් පසුවය. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දින කිහිපයක් ගතවු නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ පිලිබඳ විවිධ පාර්ශවද විමසීම් කර තිබුණි. ඒ අතරතුර අදාල ගැසට්ටුව නිකුත් කෙරුණි. නමුත් ඒ ගැසට්ටුව නිකුත් කෙරුණද තවමත් මෙරට ජනතාවට කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය…

Read More

විහාර හා දේවාලගම් පනතට අත තියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ! – අධිකරණ ඇමති

විහාර හා දේවාලගම් පනතට අත තියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ! - අධිකරණ ඇමති

මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යාංශයද නැතිනම් ජමෙයිතුල් උලමා සංවිධානයෙන්දැයි අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතාගෙන්  ප‍්‍රශ්න කර සිටියේ පහුගිය පෙබරවාරි 09 දාය. එකී ප්‍රශ්නයට අධිකරණ අමාත්‍යවරයා පසු දින පාර්ලිමේන්තුවේදී පිලිතුරු දුන් අතර එහිදී ඔහු එම පැනයට පිලිතුරු දීමේදි විහාරගම් දේවාල පනත ගැන සඳහන් ගැන සඳහන් කිරීම නිසා එය බෞද්ධයින්ගේ දැඩි විවේචනයට ලක් විය. ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක් වූ මෙම ප්‍රකාශය සම්බන්ධ වාහම අවාධානය යොමු කරන ලෙස මහා සංඝරත්නයද ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණේය. කෙසේ නමුදු මේ පිලිබඳ…

Read More

ඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!

imran khan sri lanka Government

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු කොටගත් අගමැති මහින්ද රාජපක්ෂ මුණගැසී තිබුණි. ආර්ථික, වෙළෙඳ, ආයෝජන, විද්‍යා තාක්ෂණ, ආරක්ෂක හා අධ්‍යාපන ක්ෂේත්‍ර වල ද්විපාර්ශවික සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර සාකච්ඡා සිදුකෙරුණු බව අගමැති මහින්ද රාජපක්ෂ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණි. “එතුමා දැන් පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ. ඒ හින්දා ආණ්ඩුව බලනවා එතුමාව අපට මුණගස්වන්න නොදී එතුමාව ගෙනල්ලා මේ…

Read More