රටේ පොදු ප්‍රශ්න දිහා වාර්ගික ඇහැකින් බලන්න එපා!

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර්

මුස්ලිම් මළ සිරුරු භූමදානය ආණ්ඩුව විශාල ප්‍රශ්නයක් කරගත්ත බවක් අපි පහුගිය කාලේ දැක්කා. මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ..

මේක ඇත්තටම සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍යතාවය තිබුණේ නෑ. මේක විද්‍යාත්මක පදනමක් අනුව පරීක්ෂණවලින් නිගමනවලට ඇවිල්ල තියෙනව, ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. මේක බොහෝ දෙනා දේශපාලන වාසි සඳහා උපයෝගී කරගෙන තියෙනවා . ඒ තුළින් ඔවුන් ප්‍රශ්න ඇති කරනවා, විවිධ න්‍යාය පත්‍ර ගේනවා, මේක මහා විහිළුවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය පිළි ගන්වා නම් මේ දේවල් ඇති වෙන්නේ නැහැ.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම පිළිබඳව පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

අපේ රටේ මොකක් හරි වාර්ගික ප්‍රශ්නයක් ආවහම සිංහල පත්තර මවන්නේ එක ලෝකයක්, දෙමළ පත්තර  මවන්නේ  එක ලෝකයක්. මෙහෙම රට යන්න හොඳ නෑ. වාර්ගික එකමුතුවක් තියෙන්න ඕන. විවිධත්වයෙන් යුතු සමාජයක් ස්ථාපිත වෙන්න ඕනේ. ජාතික ගීය ගායනා කිරීමේ දී එහි කියා ඇති අර්ථය හැමෝටම තේරෙන්න ඕනේ. ජාතික ගීය නිර්මාණය වුණ කාලවකවානුවේ ම තමයි ඒක දෙමළ භාෂාවට පරිවර්තනය වෙලා තියෙන්නේ. දැන් පරපුර හුඟක් වෙනස්, ඔවුන් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම භාවිතා කරනවා. නමුත් උතුරු නැගෙනහිර බොහෝ ජනතාවට තේරෙන්නේ දෙමළ භාෂා විතරයි, එතකොට ඔවුන්ට රට ගැන හැඟීමක් ඇති කරගන්න කරන්න පුළුවන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයුවොත්.

සුළු ජාතීන්ට තර්ජනයක් වෙන මේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නේම මුස්ලිම් ජනතා නියෝජිතයන් ගේ ඡන්දයෙන්.

මම කිසිම ප්‍රශ්නයක් වාර්ගික විදිහට බලන්නේ නැහැ. මේ වගේ කරණම් ගැසීම අපි ඕනතරම් දැකල තියෙනවා. එක පාරක් දාහත් දෙනෙක් අනෙක් පැත්තට ගියා එතන සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒ ඔක්කොම සිංහල කට්ටිය. එක පුද්ගලයෙක් පමණයි මුස්ලිම් අයෙක්ට හිටියේ. මේ කරණම් ගැසීම මොවුන් කියන්නේ රට වෙනුවෙන් කියලයි නමුත් මේවා ඔක්කොම ඔවුන්ගේ පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට. ඒ වගේම ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට. ඉතින් මේ සම්බන්ධව ජනතාව කල්පනාකාරී විය යුතුයි.

වර්තමාන ආණ්ඩුවේ හැසිරීම පිළිබඳව මුස්ලිම් ප්‍රජාව ගේ ආකල්පය කුමක්ද ?

මේ ගැන කතා කිරීමේ දී මුස්ලිම් සිංහල කියලා වර්ග කරන්න අවශ්‍ය නැහැ, මේක අද රටම දැනෙන ප්‍රශ්නයක්. ලෝකයේ 99ක් රටවල් වර්ග දෙකටම භූමදානය කරන්න ඉඩ සලසලා දීලා තියෙනවා. මෙහිදී ලංකාව එසේ නොකිරීමෙන් අනෙක් ජාතීන්ට එය විශාල පීඩනයක්. ඉතිං ඒ අනුව ආණ්ඩුව පහුවෙලා හරි ගත්ත ක්‍රියාමාර්ගය හරි. මෙහිදී අනෙක් පක්ෂත් වාර්ගික ඇහැකින් මේක බලන්නේ නැතුව මෙයට සහාය දෙන්න ඕනෑ.

ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙක් හැටියට වර්තමානය එක්සත් ජාතික පක්ෂය යන පාර ගැන මොකද හිතන්නේ, දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔහුගේ අනුප්‍රාප්තිකයා විදිහට රුවන් විජයවර්ධනව පත්කරලා තියනවා..

මට තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෝ එක්ක සම්බන්ධතාවයක් නෙවෙයි, දේශපාලන ප්‍රතිපත්ති සමග තියන සම්බන්ධතාවයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය එක්ක යන පංචවිධ ප්‍රතිපත්තිවල සම්බන්ධතාවයක් තමයි මට එම පක්ෂය සමග තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සමාජ සාධාරණය වෙනුවෙන්, සමාජය එකමුතු භාවය වෙනුවෙන්, කටයුතු කරපු පක්ෂයක්. නමුත් ඔවුන් ප්‍රතිපත්තියෙන් පිට පැනලා කටයුතු කිරීමෙන් අද මේ විදිහට පරාජය වෙලා තියනවා.  අපි දශකයක හමාරක් පමණ කාලයක් පක්ෂය නිවැරදියි ප්‍රතිපත්තියේ කරා යොමු කරන්න සෑහෙන වෙහෙසක් දැරුවා අන්තිමට ඒ හැමෝම එකතුවෙලා තීරණය කර නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරලා එහි නායකයා සජිත් ප්‍රේමදාස කළා.

Social Sharing
නවතම සාකච්ඡා