අර්බුදයට විසඳුම රනිල් එක්ක ජාතික ආණ්ඩුවක්…?

එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් ආණ්ඩුව සමග එකතුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා වෙයි.

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සහ මුදල් අමාත්‍යාංශ වැනි ප්‍රබල අමාත්‍ය ධුරයක් භාරගෙන වර්තමානයේ උද්ගත ආර්ථික අර්බූදයට විසඳුම් සෙවීමට රජයට සහය වන්නැයි ඉල්ලීමක් කර තිබුණ බව දැනගන්නට ලැබෙන අතර එම සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ආණ්ඩුවට සහාය දෙන විපක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරුන් වෙනම කණ්ඩායමක් සේ සංවිධානය වී ආණ්ඩුවට සහාය දීමට තීරණය කර ඇති අතර ඔවුන්ද එජාපය සහ පොදුජන පෙරමුන අතර ජාතික ආණ්ඩුවක් පිහිටවනු ලැබුව හොත් එයට ඇතුලත් වෙනු ඇත.

ආණ්ඩුවේ ජේෂ්ඨයන් බොහෝ දෙනෙක් මෙම ආර්ථික අර්බූදයෙන් රට ගොඩගැනීම සඳහා ජාතික ආණ්ඩුවක් යෝජනා කර ඇත. යම් හෙයකින් ජාතික ආණ්ඩුවක් පිළිබඳව වූ සාකච්ඡා සාර්ථක වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමානය ඉහළ යනු ඇත.

Social Sharing
නවතම