ආර් දුමින්ද සිල්වා කියලා කියන්නේ හිටපු ආරක්ෂක ලේකම් වගේම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතෙක් කියන එක නොදන්න ලාංකිකයෙක් නැහැ. ඒනිසාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවිට බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි ඔන්න වැඩේ හරි දැන් දුමින්ද සිල්වා එළියේ තමයි කියලා. ඒ කතාව කිරිගහට ඇන්නැහේ හරි ගියා. ජනාධිපති සිය පුටුවේ වාඩිවුණ ගමන් දුමින්ද සිල්වාට නිදහස ලබාදෙනවා. ඒකට එකම හේතුව දුමින්ද සිල්වා සහ ඔහුගේ සොහොයුරා රෙනෝ සිල්වා එක්ක වර්තමාන ජනාධිපතිවරයාට තියෙන විශේෂ බැඳීම. දුමින්ද සිල්වා කියන උසාවිය ඉදිරියේ භාරත ලක්ෂමන් ඝාතනයට වැරදිකරු වෙලා මරණීය දණ්ඩනය ලබපු කෙනෙක්. ඒක ඉහළ අධිකරණ සියල්ලම අනුමත කළ…
Read MoreTag: දේශපාලන පක්ෂ වර්ග
ස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.
Read Moreවිමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.
විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දීමට සියලු පක්ෂ නායකයන් තීරණය කොට තිබේ. කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමේදී විමල් වීරවංශ පමණක් ජනාධිපතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට නැත. පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගෙන තිබිණ.
Read Moreස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!
ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇති.
Read Moreසත්‍ය සෙවීමට ජනාධිපති කැමතියි!
දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියා කරමින් සිටින බව පසුගිය 25 දා දෙමළ ජාතික සංධානය හා පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි එම සාකච්ඡාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. මෙහිදී එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමඟින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළ බවද රටක් ලෙස…
Read Moreඅවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?
-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක් ඉදිරිපත් කරාවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කර තිබුනි. නමුත්, සිය කතාවේදී ඔහුගේ මූලික අවධානය යොමුව තිබුනේ ඉතා කෙටි කාලයක් තුළ, තමන් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශය සිදු කර අවසන් කිරීමත්, එය ඉතා සරල හා චාම් ලෙස සිදු කිරීමත් සඳහාය. කතාවේ සාරාංශය ලෙස පවතින තත්ත්වය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට ඇති බවත්, වත්මන් ගැටලුවලට හේතුව ඔහු නොවන බවත්,…
Read Moreමීට පස්සේ රදල පවුල්වලට රාජ්‍ය නායකත්වය හිමි නෑ – විමල්
වර්තමාන පාලකයාගෙන් පසුව ලංකාවේ පාලකයා වීමේ වරම උඩ රට හෝ පහත රට රදල පවුල්වලට හිමි නොවෙනු ඇති බවත්, මේ රාජපක්ෂවරුන්ගේ අවසාන පාලන කාලය බවත් මෑතකදී අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබූ විමල් වීරවංශ ප්‍රකාශ කරයි. සිරස නාලිකාව සමගින් සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ඔහු මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැඩිව විවේචනය කළ අතර බැසිල් රාජපක්ෂට විරුද්ධව මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවක් යටතේ ඇමරිකානු ෆෙඩරල් පොලීසිය මගින් පරීක්ෂණයක් සිදුවන බවද පැවසීය. තමන් යළි කිසිදිනක රාජපක්ෂවරුන්ගේ පාලනයකට සහාය දක්වන්න හෝ එවැනි පාලනයක් පිහිටුවීමට පෙරමග නොගන්නා බව මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.
Read Moreවීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!
අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක සමාන නොවීම ඊට හේතුවයි. එසේ තිබියදී, බොහෝ කාරණා සම්බන්ධයෙන් මිනිසුන් අතරේ අද පවතින ප්රතිවිරෝධතා චිරාත් කාලයකට ඉදිරියට යන්නේ, අදාළ කාරණය පිළිබඳ (සාපේක්ෂ) වැරදි මතය සහ (සාපේක්ෂ) නිවැරදි මතය පිළිබඳ නිශ්චිත විනිශ්චයක් ඉතිරි නොකරමිනි. උදාහරණයක් වශයෙන්, යුද්ධය පිළිබඳ කාරණය ගන්න: එය, ලංකාවේ වේවා, යුක්රේනයේ වේවා, තිරශ්චීන සහ අමානුෂික දෙයකැයි බොහෝ දෙනා කටපාඩමින් කියනු ඇත. එහෙත් ඒ…
Read Moreප්ලග් ගලවලා “මුළු රටම හරිමගට” ගත හැකිද?
“ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?”, ආණ්ඩුවෙන් වෙන්වන පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම යන කරුණු හරහාය. මෙම යෝජනා තුල විවෘත ආර්ථිකය මෙසේ හඳුනාගෙන ඇත. “විශේෂයෙන්ම 1977 න් …
Read Moreආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..
වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙන අතර හෙට 8 වෙනි අගහරුවාදා පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කරන සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රීලනීප නායකත්වය තීරණයකට එනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රීලනීප ආසන සංවිධායකවරුන් තම කැමැත්ත මෙසේ පළ කළත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මේ උචිත…
Read More