ලංකා ඉතිහාසයේ මගේ දේශපාලන වීරය කිවුලේගෙදර මොහොට්ටාල. එයා වැදි පරම්පරාවකින් පැවතුනේ. කොහොමත් 1818 නිදහස් සටනේ ප්‍රධාන නායකයෝ වැද්දෝ. කොහුකුඹුරේ, ගොඩේගෙදර හා බූටෑවේ වගේ සටනේ ආරම්භකයන් වැදි නායකයන්. මේ නායකයන් නෑ දෙවියන් වී වෙල්ලසේ දේවාලවල වැඩ ඉන්නවා. කිවුලේ තමයි සටන පටන් ගන්න මුල්ම පණිවිඩය ලියන්නේ හා රජ වෙන්න කියල පොල්වත්තේ උන්නාසේට බල කරන්නේ. මට කැප්පෙටිපොළ පේන්නේ රනිල් වික්‍රමසිංහ වගේ. එයා නුවර ඉංග්‍රීසි ආයුධ ගබඩාවෙන් තුවක්කු 20 අරගෙන සුළු සෙබල මුළක් සමඟ වෙල්ලස්සේ කැරැල්ල මැඩීමට පිටත් වුනා කියල හෙන්රි මාර්ෂල් ලියනවා. මම ගණනාථ (ඔබේසේකර) ගේ වැද්ද පර්යේෂනයේ සහායකය හැටියට සිටිද්දී යල්කුඹුරේ (බිබිල)…
Read MoreTag: දේශපාලන අරගල
ජාජබ ට සම්ප්‍රදායික ජවිපෙ උගුලින් ගැලවෙන්න පුලුවන්ද?
රාජපක්ෂ බලය විසින් නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ පුරුද්දෙන් පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින රාජපක්ෂ– රනිල් ආණ්ඩුව අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්රයේ නැගීම සමග. රට ඇදී ගිය ශිෂ්ටාචාර අර්බුදයේ පතුළටම අප වැටෙමින් පවතින මේ මොහොතේ තත්ත්වයවිසින් බලකෙරෙමින් තිබීම නිසා හෝ අවදිවන පුරවැසි ජනයා , දැන් රාජපක්ෂවරුන් දේශපාලන භූමියෙන් ඉවත්කරගැනීමෙන්මෙපිට අඩියක් පස්සට යන්නේත් නැත! මෙලෙස අපි මහා දේශපාලන ගැටයක හිරවී සිටිමු. මෙම ගැටය කපා අනාගතය දෙසට අප පියමන් කරන්නේ කෙසේද? මේප්රශ්නය විසඳෙන ආකාරය අනුව අපේ අනාගතය තීරණය වනු ඇත. ජන අරගලයේ මුල් දිනවල…
Read Moreහිරුණිකා නැවතත් ජනාධිපති මන්දිරය ඉදිරියට
අරගලය පහු බැහැලා නෑ ජනතාව දැන් මහා පාරේ
කළු කපුටා ඉස්සරහට “කහ පාට” වෙන්නත් පුළුවන්
හිරුනිකා අගමැතිගේ නිවස ඉදිරිපිට හූ තියයි
මං මේ කියන එක වැරදිද?
මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත ජාතිවාදයක් නිසා ඒ ජාතිවාදයට පක්ෂ විය යුතුය කියන හිරු කණ්ඩායමේ ස්ථාවරයට විරුද්ධව සටන් කළා. බලය බෙදීම වෙනුවෙන් සටන් කළා. ජාතික ප්‍රශ්නයට විසඳුම සිංහල (ශ්‍රී ලාංකික), දෙමළ, මුස්ලිම් වැනි ජාතික අනන්‍යතාවන් අතික්‍රමණය කරන පුළුල් දේශපාලන ප්‍රජාවන් නිර්මාණය කරගැනීමය කියන ආස්ථානය ප්‍රවර්ධනය කළා (ඉන්දියාව එක්ක සහසන්ධීය රාජ්‍යයක් කියන සංකල්පය ගේන්නෙත් එතනින්). මහින්ද රාජපක්ෂලා පරද්දන්න දිගටම වැඩ කළා.…
Read Moreහිරුණිකා අගමැති නිවස වටකරයි!
සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය සමග කුස්සියේ ලිප පත්තු කිරීමේදී දැනෙන පීඩාවට එරෙහිව මේ ආකාරයෙන් ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධය පළ කරමින් සිටියි.
Read Moreඅපේ සීමාව තේරුම් ගැනීම
රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල් කියල එකක් නෑ. ෆේල් වෙන්නෙ රට. රනිල් අසමත් වෙන්නෙ රනිල්ට සංස්කෘතිය ගැන තියෙන නොවැටහීම සහ නොඇදහීම හින්ද. අර්බුදයට අවශ්‍ය ආර්තික විසඳුමක් කියන එකයි රනිල්ගේ තේරුම් ගැනීම. ඒක ඇත්ත. මූලිකම වෙන්නෙ ආර්තික විසඳුමක් තමයි. නමුත් ඒ ආර්තික විසඳුමට යන්න නම් අපිට සිද්ද වෙනවා ඊට වඩා විශාල සංස්කෘතික වෙනසක් ඇති කරන්න. මෙතනදි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම…
Read Moreසංදර්ශනය හා සමතුලනය
– උදන් ප්‍රනාන්දු – ‘සංදර්ශන සමාජය’ හෙවත් ‘ද සොසයටි ඔෆ් ද ස්පෙක්ටකල්’ යනු නමසිය හැට ගණන්වල සාකච්ඡා වූ සංකල්පයක හා ප්‍රසිද්ධ පොතක නමකි. සංදර්ශනය යන්න ස්පෙක්ටකලය යන ඉංග්‍රීසි වචනයේ සංකල්පීය අරුත මැනැවින් සිංහලට පරිවර්තනය කරයි දෝ යන්න සැක සහිත ය. සමහරු ඉන් හඟින්නේ සැබෑ පෙණුමෙන් වියුක්ත රැවටිලිකාර මායාවක් බව ය. ප්‍රේක්ශාව යන පදය ස්පෙක්ටකලයට තම කණ්ඩායම කලක් තිස්සේ භාවිතා කළ බව එක්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් මට කීවේ ය. කෙසේ වෙතත්, මගේ තේරුම් පමණින්, ස්පෙක්ටකල කේන්ද්‍රීය සංකල්පයේ අරුත වන්නේ නිදහස් ආර්ථිකයක හදවත වන වෙළෙඳ පොළ සමස්ත සමාජය සිසාරා තම පරමාධිපත්‍ය නව උපක්‍රම…
Read More